(රවීන්ද්‍ර නෙත්තසිංහ)

වාරියපොළ ප්‍රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද  තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට අද පෙරවරුවේ දැනුම් දුන්හ.

වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනකු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අද හමුවී ඇත.

වාරියපොල ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා කීපයක් සම්බන්ධයෙන්  ආණ්ඩුකාරවරයා පත් කළ ඒකපුද්ගල කොමිසමේ වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත මේ වන විට ලබා දී ඇත.