(නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතාට පහරදුන් බව කියන එම සභාවේ මන්ත්‍රීවරිය ද අද (27) පස්වරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා මීගහකිවුල දිසා රෝහලට ඇතුලත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
එහි සභාපතිවරයා විසින් තමන්ට ද පහරදුන්නේ යැයි පවසමින් ඇය රෝහල්ගතව ඇත.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවූ අතර, පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැවිලා පේනවා මේ දෙන්නා ගහගත්ත හැටි... අනේ අනිච්චං.!
සෞභාග්‍යයේ දැක්ම දැන්නම් පිරිලා ඉතිරෙනවා.
ගුටි කාපු කෙනා නොව ගහපු කෙනා රෝහල් යන එකම රට ලංකාවයි.