(නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතාට පහරදුන් බව කියන එම සභාවේ මන්ත්‍රීවරිය ද අද (27) පස්වරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා මීගහකිවුල දිසා රෝහලට ඇතුලත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
එහි සභාපතිවරයා විසින් තමන්ට ද පහරදුන්නේ යැයි පවසමින් ඇය රෝහල්ගතව ඇත.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවූ අතර, පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.