
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සභාවේ නොසිටීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) පස්වරුවේ පැය බාගයකට පමණ ඇන හිටියේය.
සභාවේ කටයුතු මෙසේ පැය භාගයකට කල් දමනු ලැබුවේ මුලසුනේ සිටි හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසිනි.
පැය බාගයකට පමණ පසු සභාවේ කටයුතු ආරම්භවූ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මෙසේ කල් තැබීම සම්බන්ධයෙන් මුලසුනෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ.
මේ අවස්ථාවේදී මුලසුනේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලේකම් මණ්ඩලයේ උපදෙස්ද ලබා ගෙන පැවසුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නොමැතිව සභාවේ කටයුතු පවත්වාගෙන යා නොහැකි හෙයින් සභාව මෙසේ කල් තැබුණු බවයි.
එම දෙදෙනා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට ගොස් සිටි බවද ඔහු පැවසුවේය.
එම දෙදෙනා මේ මොහොත වන විටත් නොසිටින හෙයින් සභාව දැන් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී යළිත් ප්‍රශ්න කළහ.
මෙහිදී අදහස් දැක්වූ අජිත් රාජපක්ෂ මහතා තමා මේ කාරණය කතානායකවරයාට දැනුම් දෙන බව පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවෙ කථානායක කියන්නෙ පාර්ලිමේන්තුවේ සභාපති කියලා නැත්නම් සභානායක කියලා. .ඔහු නැතුව එවෙලෙට පත්කර ගත් කෙනා තාවකාලික සභාපති නොවෙයිද.මෙලෙස කථානායකට අමතරව සභානායක ආණ්ඩු පක්ෂයේ සංවිධායක විපක්ෂයේ සංවිධායක වැනි තනතුරු සදහා අමතරව ගෙවීමක් කරනවාද නොදන්නා නිසා අහන්නෙ පහදා දෙන්න