
(අංජුල මහික වීරරත්න)
සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන් අඳුරේ සිටින්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය.
ජනතාව ආණ්ඩුවක් හා මැති ඇමතිවරු පත් කර ගන්නේ තමන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට මිස ඔවුන්ගේ ප්‍රශ්න ඇසීමට නොවන බව කී නියෝජ්‍ය නායකයා වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු විදුලි අර්බුදය විසදන්න යන්නේ ජනතාවට පැය කිහිපයක් විදුලිය නැතුව සිටින්නැයි ඉල්ලා සිටීමෙන් බවද පැවසීය.
මහා මාර්ග දෙපස විදුලි පහන් නිවා දැමීමෙන් ජනතාවට සිදුවන අනතුරුවලට වගකියන්නේ කව්රුන්දැයි විජයවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් නියෝජිත හමුවේදීය.
COMMENTS
කලුවර ජයසූරිය කියලා නමක් පටබැඳිලා තිබ්බා මතකයි එක්තරා කාලෙක...
අපි මෙහෙම කියන්නේ අපි පට්ටියේ බලයේ සිටිනවිට හැමදාමත් වෙසක් සිරියෙන් රට ආලෝකමත් කර තිබූ නිසාවෙන්ය. කිසිදා විදුලිය කප්පාදු කිරීමක් අපගේ පාලන සමයේ සිදු නොවුණු බව නේද? මේ "මලකඩ" ජා... වර්ධනය මේ කියන්නේ. ඔව් ඔව් රටේ, මිනිසුන් ඔක්කොම ඉපදුනේ 2020න් පසුවනේ... ඒ නිසා රටේ සියලුම පුරවැසියන්ට මෙයා කියන කරුණු පිළිගන්නම වෙනවා...
මෙයාලා කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේනේ.. කිසිම දැනුම් දීමක් නැතිව. විදුලිය විසන්ධි කළ හැටි අමතකයි. කාට කියන්නද?
ඔයාලාගේ කාලේ විදුලිය කැපුවේ රටේ ප්‍රමාණවත් ඉන්ධන තිබියදී.
උම්බෑ කියන්නේ නැතුව මෙයාට ඉන්ඩම බෑ නෙවැ. රනිල් ගොයියාට වගේම මස්සිනාටත් ලබලා තියෙන්නේ එකම දසාව. මුන්දැද ඊළඟ අගමැතිකමට කෙළ හලන්නේ. හපෝයි දෙයියනේ..!