(චන්ද්‍රසේන ගමගේ)
සැප්තැම්බර් මාසය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 28 දෙනෙකුට ගෙවිය යුතු දීමනාව ගෙවාගැනීමට සභාව සතුව මුදල් නැති බව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලාලිත වනිගසේකර මහතා අද (20) පැවති මාසික රැස්වීමේදී පැවසීය.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය තුළ මෙවැනි තත්වයකට සභාව කිසිදිනක පත් වූයේ නැති බවයි.
“තංගල්ල ප්‍රාදේශීය සභාවට, දකුණු පළාත් සභාව මගින් ලැබිය යුතු දඩ හා මුද්‍රණ වියදම් රුපියල් කෝටි 9 ක පමණ මුදලක් ලැබිය යුතුව තිබෙනවා. මම මේ පිළිබඳව අදාළ අංශ කිහිපවරක් දැනුවත් කළා. පසුගියදා ජනාධිපතිතුමාගේ ලේකම්වරුන් සමඟ හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ලේ පැවති සාකච්ඡාවකදී පවා මම මේ ගැන සඳහන් කළා” යැයිද ඒ මහතා පැවසීය.
මේ තත්තවය යටතේ දුරකථන හා ඉන්දන දීමනාව පමණක් ගෙවීමට හැකියාව පවතින බව හෙතෙම කීය.
පළාත් සභා සේවකයින්ගේ මාසික වැටුප් ගෙවන්නේත් ප්‍රාදේශීය සභාවලින් ලැබෙන ආදායමෙන් බවට දකුණු පළාත් සභාවේ නිලධාරීන් තමාට පැවසූ බවද ඒ මහතා කීය.
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයෝ 29 දෙනෙක් සිටිති. ඒ අතර ප්‍රාදේශීය සභාවේ, ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී ඇති අතර, ඒ තනතුර සඳහා කිසිවකු පත්කර නොමැත. මෙම සභිකයන්ගේ දීමනාව සඳහා රුපියල් 450, 000 ක් වැය වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුනා කියලා මිනිස්සුන්ට වැඩක් නැහැනේ. වහලා දාන්න.. තව කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්.
රටේ මුදල් නිකරුනේ කාබාසිනියා කරන තැන් 2 ක් තමයි ප්‍රාදේශීය සභා සහ පළාත් සභා .ඕවා වහල දාන්නයි ඕන රට ගොඩ ගන්න නම්........
පාර්ලිමේන්තුවත් ඕනෑද මන්දා දැන් තියන තත්වයට... එ්කත් වැහුවොත් සමහරවිට සෙතක් වෙයි.
හොරා කාපුවා එළියට දාන්න..
ආවේ දිවිහිමියෙන් පොදු මහජනයාට සේවය කරන්න නේද? ඉතින් දීමනා මොනවටද? අනික ගහගත්තු යටිමඩි? කොමිස්? තව කීයකින් මේ ටික කාලෙට හෙව්වාද? ඒවා සාධාරණීකරණය කරන්නද හදන්නේ? අර වරක් හිටපු ජනපතිම කිවා වගේ මතකයි, මාසෙකට රුපියල් 5000.00 පඩියට රුපියල් ලක්ෂ 50 ක් වියදම් කරන්නේ ඇයි කියලා?
අපි දන්නේ නැතා ඕගොල්ලෝ කරන වැඩ කන්දරාව .
රටේ ප්‍රාදේශීය සභා බොහොමයක් ඉන්නේ පාතාල සම්බන්ධකම් තිබෙන පුද්ගලයන් නමුත් මෙම සභාපති තුමා නම් එහෙම කෙනෙක් නොවේ , නමුත් මෙතුමාට ඉස්සර හිටපුකෙනා නම් ඉන්නේ ඇතුලේ , ප්‍රාදේශීය සභා කෙසේවෙතත් පළාත්සභා නැහැ කියල නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැත , පසුගිය කලේ පළාත්සභා නැති නිසා මන්ත්‍රිලට ගෙවන වැටුප් සහ දීමන විශාල ප්‍රමානයක් ඉතුරු වුන
සභාපතිතුමා කියනවා පළාත්සභා නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ පළාත්පාලන ආයතනවල ආදායමින් කියලා පළාත් සභා නිලධාරියෙක් කිව්වා කියලා. (පළාත් පාලන ආයතන වලට පළාත් සභා හරහා ආදායම් ලැබෙන ක්‍රමයක් වන්නේ හොර මත්පැන් වැනිදේට උසාවි මගින් නියම කරන දඩමුදල් හා ඔප්පු ලිවීම වැනි දෙයින් අයකරන මුද්දර ගාස්තු වැනි මුදල් වේ) එහෙම නම් ආදායම් සෙවීමට සුළු පිරිසකුයි, ඉන් යැපීමට විශාල පිරිසකුයි අවශ්‍ය නැහැ නේද? ඒ අනුවත් පළාත් සභා අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.
පුරවැසියා මහතාගේ අදහස මමත් අනුමත කරනවා. පළාත්සභා තියාගෙන නිකරුනේ වසරකට ප්‍රකෝටි ගණනින් මහජන මුදල් නාස්තිකරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පළාත් සභා ඕනෑද? එපාද? කියලා තීරණය කරන්න ජනතාවට අවස්ථාවක් දෙන්න. ජනමත විචාරණයක් දෙන්න. හරි නම් පාරවල් වහගෙන අප උද්ඝෝෂණය කළයුත්තේ මෙවැනි කාරණා සඳහාය. මේවා අපේ බදු සල්ලි නොවේද? රටේ අාදායමෙන් වැඩි කොටසක් අප වෙන් කරන්නේ ගත්ත ණය වලට පොලී ගෙවන්න.