(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් වීඩියෝ කළ තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (06) නියෝග කළේය.
මෙලෙස ශරීර ඇප මත මුදාහරින ලද්දේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි අමිදුල් මනාප් මුහමඩි රිෂ්කි නැමැති 28 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.
සැකකරු භාවිත කළ යතුරු පැදිය රුපියල් ලක්ෂ පහක බැදුම්කරයක් මත ලියාපදිංචි හිමිකරු වෙත භාර දීමටද නියෝග කෙරිණි.
ඉකුත් (31) දා මෙම මෙම මුස්ලිම් තරුණයා සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය වීඩියෝ කර ඇති අතර එහිදී විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් සමනල වැව පොලිසියට පවසා තිබිණි.
පසුව පොලිසිය විසින් අත්අඩංගුවට බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
මෙම නඩුව ඔක්තෝම්බර් 29 වැනිදා යළි කැඳවීමටද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහට හොඳ කැමරාවකුත් අරන්දුන්න නම් හරි. ආධාරයකුත් කරමු. අරහේ කඩු කිනිසි නැවත් දෙනවනෙ