IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සබරගමුවේ ගුරු පත්වීම් 500ක් අත්හිටුවයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
ගුරු පත්වීම් ලිපි ලබාදීම හදිසියේ දින නියමයක් නොමැතිව අත්හිටුවීමෙන් තමන් දැඩි අසීරුවට ලක්වූ බව සබරගමු පළාතේ නව ගුරුපත්වීම් ලැබීමට තෝරාගත් උපාධිධාරීහු අද (16) පැවසූහ.

ප‍්‍රාථමික අංශයේ ගණිතය, ඉංග‍්‍රීසි සහ උසස් පෙළ විෂයයන් සඳහා සබරගමු පළාතේ පාසල් සඳහා පත්කිරීමට තරග විභාගයක්ද පවත්වා මෙම උපාධිධාරීන් 500ක පිරිස තෝරාගෙන තිබුණේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය.

ඔවුන්ට පත්වීම් ප‍්‍රදානය අද (16) පැවැත්වෙන බව සබරගමු පළාත් සභාව මගින් දන්වා තිබුණි. එහෙත් පසුගිය බ‍්‍රහස්පතින්දා නැවත ලිපියක් මගින් දන්වා තිබුණේ මෙම පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

මෙම පිරිසෙන් 150,-200ත් අතර පිරිසක් අද සබරගමු පළාත් සභා සංකීර්ණයට පැමිණ සිටියහ. සමහරු පැවසුවේ පත්වීම් ලබාදීම අවලංගු කළ ලිපිය තමන්ට මෙතෙක් නොලැබුණ බවයි.

උපාධිය ලබා අවුරුදු පහ හයක් වන අය ද මෙම පිරිස අතර සිටිති. රජයේ රැකියාවක් නොලැබීම නිසා පෞද්ගලික අංශවල රැකියාවල සේවයේ නියුතු උපාධිධාරියෝ ඒ අතර සිටිති. අද(16) තමන්ට ගුරු පත්වීම් දෙන බවට ලිඛිතව දන්වා තිබූ නිසා එතෙක් පෞද්ගලික අංශවල කළ රැකියාවලින්ද අස්වු බව ඔවුහු කීහ.

“අපිට කබලෙන් ලිපට වැටුණා. කරගෙන ආපු රස්සාවත් නෑ. අලූත් රස්සාවත් නෑ. මානසිකව අපි විශාල පීඩනයකට ලක්වුණා. අපි විභාගය ලියලා සුදුසුකම් තියන අය. අද පත්වීම් ලිපි නොදෙන්න හේතුව කවුරුවත් කියන්නේ නෑ. දෙන දිනයක් ස්ථිරව කියන්නෙත් නෑ. අපි හරිම අමාරුවක වැටුණේ” පත්වීම් ලිපි ලබාගැනීමේ බලාපොරොත්තුව පැමිණ සිටි උපාධිධාරීහූ රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභා සංකීර්ණයේදී පැවසූහ.

මේ සම්බන්‍ධයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතානේ විමසූවිට ඔහු පැවසුවේ 2020 ජනවාරි මාසය තුළ මේ පත්වීම් අනිවාර්යයෙන්ම ලබාදෙන බවයි. පත්වීම ලද ස්ථානය එයම බවත් කිසිදු වෙනසක් නොවන බවත් මෙම පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවීමක් මිස දේශපාලන බලපෑමක් මේ පිටුපස නැති බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

අලූත් අවුරුද්දේ ඉස්කෝලෙ යන ළමයින්ට ගුරුවරු අඩුපාඩු තියෙන්න බෑ. හැම විෂයකටම හැම පන්තියකටම ගුරුවරු ඉන්න  ඕනෑ. අලුත් අවුරුද්ද ලබලා අලූත් පන්තියට යනකොට මෙතක් විෂයයන්ට නොහිටි ගුරුවරු පත්කිරිමයි අපේ අරමුණ. ඒ හින්දා සැකයක්, අවිශ්වාසයක් තියාගන්න එපා ජනවාරි මාසේ ඇතුළත අනිවාර්යයෙන්ම මේ අයට පත්වීම් ලබා දෙනවා” ආණ්ඩුකාරවරයා කීවේය.



අදහස් (2)

සබරගමුවේ ගුරු පත්වීම් 500ක් අත්හිටුවයි

Kumar (Gulf) Tuesday, 17 December 2019 09:02 AM

ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වැදගත් ආකාරයට පිළිතුරුදී ඇත. ස්තුතියි.

:       0       0

vidya Thursday, 19 December 2019 02:11 AM

කරුණාකර පක්ෂ බේදයකින් තොරව මේ උපාධිධාරීන්ට ගුරු පත්වීම් දෙන්න. දුෂ්කර පලාත්වල් ලොකුම ගුරු හිඟයක් තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site