IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සාපෙළ සිසුහු 16ක් විභාග ශාලාධිපතිට එරෙහිව කොමසාරිස්ට දුක කියති

(සූරියවැව දිලීප් ජයසේකර)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර විෂය පැවති දින විභාග ශාලාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය පහසුකම් සැපයූවේ නැතැයි කියමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානයක සිසුන් සිසුන් 16 දෙනෙක් විභාග කොමසාරිස් වරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇත.
මෙම පැමිණිල්ල කර ඇත්තේ හම්බන්තොට සුචී ජාතික පාසලේ පැවති විභාග මධස්ථානයේ දී ඉකුත් 9 වැන දින චිත්‍ර විෂය සදහා පෙනීසිටි සිසුන් පිරිසකි.
චිත්‍ර විෂයට අදාලව ද්‍රව්‍ය බලා ඇදීමේ කොටසේදී ශාලාධිපතිවරයා තමන් 16 දෙනා ස්ථාන කිහිපයක වාඩි කර වු බවත්, එහිදී බලා ඇදිමට සකස් කර තිබු උපකරණ කිසිවක් නිසි පරිදි නොපෙණුනු බවත් ඔවුන් විභාග කොමසාරිස්වරයාට දන්වා ඇත.
මේ පිළිබදව විභාග ශාලාධිපතිවරයාටත්, විභාග පරීක්ෂකවරියටත් දැනුම් දුන් නමුත් ඔවුන් ඒ පිළිබදව කිසිදු සැළකිල්ලක් නොදැක්වූ බවත්, විභාග පරීක්ෂකවරියට අදාල ද්‍රව්‍ය සම්පිණ්ඩනය නිසි පරිදි ස්ථානගතකර සකස් කිරීමට නොහැකි වු නිසා ඇය විසින් ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ දළ සැළැස්මක් කොළයක ඇද පෙන්වා විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ මේ ආකාරයේ රූප සටහනක් බැවින් ඒ ආකාරයට අදින ලෙස දැනුම් දුන් බවත් ඔවුන් සිය ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇත.
  එසේම චිත්‍ර ඇදිම සදහාද ලබා දෙන කෙන්ට් පේපර් නොලැබුණු නිසා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කළද විභාග දෙපාර්තමේන්තුවෙන් කෙන්ට් පේපර් ලබා දී නොමැති බවත් ඇත්තේ ඒ 4 කොළ පමණක් බවත් දැනුම්දුන් බවත්, ඒ 4 කොළයෙහි නිසි නිමාවකින් යුතුව ද්‍රව්‍ය සම්පිණ්ඩනය ඇදීමටද නොහැකි වූ බවත් ඔවුන් දන්වා ඇත.
පසුගිය කාලයේ වකවානුවේ රටේ පැවති තත්වය නිසා නිසි පරිදි පාඩම් ආවරණය කර ගැනීමටද නොහැකි වූ තමන්ට චිත්‍ර විෂයට අදාලව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැක්කේ අඳින චිත්‍රවලින් බවත්, ශාලාධිපතිවරයා හා විභාග පරික්ෂකවරිය විසින් එම අවස්ථාව හිතාමතාම අහිමි කිරිම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුකර ඇති බවත් ඔවුන් පවසයි.



අදහස් (0)

සාපෙළ සිසුහු 16ක් විභාග ශාලාධිපතිට එරෙහිව කොමසාරිස්ට දුක කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site