IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුප්පාදේවි කතා වස්තුව එළිදැක්ම 11 දා

ශ්‍රී ලාංකේය රංග මණ්ඩපය දශත්‍රොධික කාලයක් ස්වකීය අභිරංගනයෙන් ශෝභා සම්පන්න කළා වූ මාලිනී රණසිංහ විරචිත අපදාන ග්‍රන්ථය “සුප්පා දේවි කතා වස්තුව” එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 11 වැනි දින පස්වරු 3.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

ආචාර්ය ගුණදාස අමරසේකර මුලසුන හොබවන මෙහිදී සංක්‍ෂිප්ත දේශනය “සරච්චන්ද්‍ර සදාශ්‍ර ආවර්ජනා” මැයෙන් ආචාර්ය සරත් අමුණුගම විසින් ද, මුඛ්‍ය දේශනය “මාලිනී රණසිංහ රංග විලාස වෛචිත්‍ර්‍යය” මැයෙන් ජැක්සන් ඇන්තනී ද පවත්වනු ලබයි.

“සිංහබාහු” නාට්‍යයේ ජවනිකා කිහිපයක නර්තනාංග ඉදිරිපත් කරන මෙම උත්සවය බන්දුල නානායක්කාරවසම් මෙහෙයවනු ලබයි.

පුරා 31ක් වසරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍යයේ සුප්පා දේවි චරිතය කරමින් ගිනස් වාර්තා පොතටද ගිය මාලිනී රණසිංහ මෙම උත්සවය වෙනුවෙන් ඕස්ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණ සිටින්නීය. මෙවර ඇයගේ දියණිය වන ඕස්ටේ්‍රලියාවේ පදිංචි වෛද්‍යවරියක හා ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කාංචනමාලා රණසිංහ මෙරටදී “සුප්පා දේවි” චරිතය රඟපාමින් ලාංකීය කරළියට එක්වීම විශේෂත්වයකි. ඇයගේ පියාණන් වූ ටෙරන්ස් රණසිංහ ද “සිංහබාහු” නාට්‍යයේ පොතේ ගුරු චරිතය වසර 31ක් පුරා රඟපාමින් ගිනස් වාර්තා පොතටද එක් වූ ශිල්පියෙකි. 

 



අදහස් (1)

සුප්පාදේවි කතා වස්තුව එළිදැක්ම 11 දා

Cisco Friday, 05 July 2019 06:51 AM

මට මෙතුමිය හොඳටම මතක අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ චරිතෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site