(ඩයනා උදයංගනී)
සපුගස්කන්ද තෙල් පිරිපහදුවලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මුදලට බොර තෙල් ලබාගැනීමේ හැකියාවක් නැතත් ණයට බොරතෙල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව කී ඇමතිවරයා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඉන්ධන වර්ගය ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත්, විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් කීවේය.
එසේ ලබාගැනීමට නොහැකි වුවහොත් ජනවාරි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 20 ක කාලයක් පිරිපහදුව වසාදමන්නට සිදුවනු ඇතැයි සඳහන් කළේය.
එමෙන්ම කෙසේ වෙතත් ජනවාරි 23 සිට අඛණ්ඩ බොර තෙල් ලැබීමක් සහතික වී තිබෙන නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ මෙතෙක් අවදානමක් නැතැයි ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් කෝටි 36 ක් පමණ අවශ්‍ය බව කී ගම්මන්පිල මහතා ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීමේ අභියෝගය මේ වන විට උච්ඡ ස්ථානයට පැමිණ ඇතැයි ද පැවසීය.
මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි කී ඇමතිවරයා ඩොලර් සොයාදෙන ලෙස එම සමාගම් දෙකටම දැනුම් දී තිබෙන බව ද කීවේය.
ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමතිවරයා කීය.
ඉන්ධන මිල වැඩිකරන ලෙස මහබැංකුව මුදල් ඇමතිවරයාට දැනුම්දීමක් කර ඇතැයි ද කී ඇමතිවරයා පෙට්ට්‍රල් රුපියල් 35කින්, ඩීසල් 24කින් සහ භූමිතෙල් 11කින් වැඩි කර ඉල්ලුම පාලනය නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව ඔවුන් දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.
COMMENTS
ආණ්ඩුවට ඕනේ තරම් සල්ලි තියෙනවා කියන බූරුවන්ගෙන් ඉල්ලගන්න බලන්න.
රටේ ආර්ථික තත්වය සුබ අතට හැරෙමින් තියෙන ලකුණු පේනවා. ලබන මාසෙ වෙනකොට ජනතාවගේ අතමිට සරුවෙයි.
මිල ඉහළ දමා ඉල්ලුම පාලනය කිරීම. වැදි යුගයට රට ආපසු ඇදගෙන යාම... මේ විදියට රට පාලනය කිරීමට රජයක් නොවේ මැර කල්ලියක් ඇති... ලොරි ටෝක් දීලා බොරුව, ජාතිවාදය පතුරවලා පොහොට්ටුව බලය අල්ලාගෙන තියෙන්නේ කිසිම විකල්ප සැලසුමක් නැතිව. බැරි බව පිළිගෙන සර්ව පාක්ෂික නියෝජිත ආණ්ඩුවක් පිහිටුවීම එකම විසඳුමයි. ජනපති අගමැති කාටත් තේරෙන කිසිම දෙයක් නැති බව සාමාන්‍ය ජනතාව තේරුම්ගෙන හමාරයි. රජය කඩාවැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි..
මේ මොනවද මෙයාගේ පිස්සු මෝඩ කතා? තෙල්මිල වැඩි නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව මෙයා කියන්නේ? ඒ කියන්නේ තෙල් මිල වැඩි කළා නම්, මේ රටේ පාර්භෝගිකයන් ඩොලර්වලින්ද ගෙවන්නේ? ඇත්තටම මෙයා, මෙයාට දරාගන්න බැරි වගකීමක් කරේ දාගෙන ඉන්නේ? මෙයාගේ කයිවාරු විතරයි. මෙයාට මේ අමාත්‍ය ධුරය කරන්න බැරිබව දැන් ඔප්පුවෙලා ඉවරයි. නමුත් දාලා යන්නෙත් නැහැ...
කාට කාට හරි, දෙස් දෙවොල් තියකිය හරි අපි යතාර්ථයට මුහුණ දෙමු.
නොදකින් උඹලා.
මොනවා දොඩවනවාද? රට දැනටමත් ඉතිහාසයේ බරපතලම මුදල් අර්බුදයකට මුහුණ දී හමාරයි. රටත් හමාරයි..