මහින්ද නිශ්ශංක
රජයේ පවතින තත්වය අනූව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කළ අත්‍යාවශ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සදහා ලබන 11 වන සදුදා සිට දුම්රිය ධාවනය කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත මහතා පවසයි.
දුම්රිය වානිජ අංශයට දැනුම් දී ඇති දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි සේවක සේවිකාවන් වෙනුවෙන් පමණක් මෙම දුම්රිය ධාවනය වන අතර මහනුවර, මහව, හලාවත, අවිස්සාවේල්ල සහ බෙලිඅත්තේ සිට කොළඹ බලා එම දුම්රිය ධාවනය කරනු ඇති බව ද ඒ මහතා පැවසීය.
COMMENTS
නිකන් බොරුවට හිස් කොච්චි දුවවලා සල්ලි නාස්ති කරන්නේ නැතුව ඔය කියන ගමනාන්තවල තිබෙන දුම්රියපළවල් ආවරණය වෙන විදිහට කොළඹ එන්න බස්රථ යෙදවීමෙන් කාලයත්, මුදලුත් ඉතුරුවෙනවා. බෙලිඅත්තේ ඉඳන් කොළඹ රක්ෂාව කරන්න යන්නේ ඉතා සුළුපිරිසක්... ඔවුන්ව ගෙනෙන්න යන්න දුම්රියක් අවශ්‍ය නැහැ... බස්රියක් හොඳටම ප්‍රමාණවත්... බෙලිඅත්තේ සිට මාතරට බස් රියක් දමලා එතැනින් දුම්රියේ යන්න පුලවන්... දුම්රියක් කිලෝමීටර් 20-30 ධාවනය කරන්න විශාල ඩීසල් ප්‍රමාණයක් වැයවෙනවා.. එමගින් නිකරුනේ විශාල පරිසර දූෂණයකුත් සිදුවෙනවා.