(යොහාන් භාසුර)
සීනි කිලෝකවක් රුපියල් 210කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
සීනි කිලෝවක සිල්ලර මිල පසුගිය සතියේ රුපියල් 160 ක්ව පැවැති අතර ඒ අනුව සතියක් තුළ සීනි කිලෝවක මිල රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.
මේ ආකාරයට මිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණ බව කී අමාත්‍ය අලගියවන්න මහතා වෙළෙඳුන් නීතිය ස්ථාපිත වීමට පෙර ලාභ ලැබීමේ අරමුණින් මේ සඳහා පෙළඹී ඇති බවත් සඳහන් කළේය.
වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර අලෙවිකරණ පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබුණ ද පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට යොමු කර ඉන් පසුව එය නීතියක් බවට පත්වීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට ද කරන්න දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙන්දෝ කවදත් වෙළෙන්දෝ. ඔවුන්ට ඕනෑ ලාබය. බල්ලෝ මරල හරි සල්ලි... ඒත් ඇමැතිවරයකුගේ වගකීම එ්ක එහෙමයි කියලා පිළි අරගෙන නිකං ඉන්න එකද?
ගොන් කතා කියන්න එපා... පට්ටියේ 225ම සුඛවිහරණයට අදාළ හැම දෙයක්ම ඉතාමත්ම කෙටි කාලයකින් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්නත් 225ම උනන්දු වෙනවා. එහෙම කරලත් තියෙනවා නේද..? රටේ මහජනතාවගේ පහසුව වෙනුවෙන් කළයුතු සම්මත කිරිම් වල, නීතිගත කිරීම් වලදී කල්යනවා. මේ වගේ 225ක්.. අලගියවන්න නම "බඩගියවන්න" ලෙස වෙනස් කරගත්තොත් හොඳ නැද්ද?..
ඔබ තුමන්ළාව පොල් පිත්තකින්ද කපාගෙන හදලා තියෙන්නේ?
කරන්න දෙයක් නැත්නම් මොකටද ඕගොල්ලෝ ඉන්නේ.
අපි හිතුවේ යහපාලන රජය දුර්වලයි කියලා... නමුත් ඒ කාලයේ ඔහොම මිල වැඩි කිරීම්, අයුතු ලාබ ලබාගැනීම් සිදුවුණේ නැහැ.
මොනතරම් වගකීම් විරහිත ප්‍රකාශයක් ද මේ? පාරිභෝගික ආරක්ෂණ ක්‍රමයක් හා ඇමතියෙක් මොන බම්බුවකටද පත්කරගෙන තියෙන්නේ... මේ අයව ගෙදරම තිබ්බා නම්, ඉවරයිනේ. රටේ සල්ලි ටික හරි ඉතුරු වෙනවා. වෙළෙන්ඳන්ට වරද පැටෙව්වාට වැරදි නොහොත් අයුතු ලාභ ලැබීමේ දී ඔවුන්ට දඬුවම් නොදෙන්නේ ඇයි? වරද ඔවුන්ගේ නොවන බවයි ඉන් පෙනී යන්නේ. මේලෝ හසරක් නොදන්නා දේශපාලකයන් හිතුමතේ වෙළෙන්දන්ට බදු දමනවා. ඔවුන් පාඩු ලබමින් බඩු භාණ්ඩ විකුණන්නේ නැහැ. එසේ කරන්නත් බැහැ. වරද වෙළෙන්ඳන්ගේ නම්, හැකිනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. එසේ නොකරන්නේ වරද රජයේ නිසා... සත්‍යය එය බවයි පෙනීයන්නේ...
වෙළඳුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හැකි නම් විෂය භාර ඇමැතිවරුන් සහ රජයක් කුමකටද ? නීති සම්පාදනය කරන විට අශ්වයා පැනගිය පසුව අර මොකක්දෝ වැසීමක් වැනිය.
කෝ බන්දුල? අර කියවන එක්කෙනා...
ඕක මොන අපරාධයක්ද? වාහන ගෙනැල්ලා 400% ටැක්ස් ගහන්නේ අහිංසක ජනතාවට...
අනේ මන්දා ඉතින්...
පාරිභෝගිකයෝ අමාරුවේ වැටෙන්න ඇරලා ව්‍යාපාරිකයෝ පොහොසත් කරන ආණ්ඩුවක්.
තුනෙන් දෙක තියෙන්නේ එල්ලගෙන ඉන්න විතරයිද?
ගරු ඇමති තුමා ලංකාවේ නියෝජිතයින්ගේ සුරතලුන් බවට පත් වී ඇත.
ඕක කරන්නේ පිටකොටුවේ 4 වෙනි සහ 5වෙනි හරස් වීදියේ තොග වෙළෙන්දෝ.
කරන්න දේවල් රජයකට නම් ඕන තරම් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට ( රජයට නොව) තමයි බැරි.
අර වීරවංශ කිව්වෙ ඒ දවස් වල, මුදල් අවප්‍රමාණ වෙනව නම් රජයක් අවශ්‍ය නැහැ, වගේ කතා , දැං මොකද කියන්නෙ?
2/3 තියෙන්නේ ඒ ගොල්ලන්ට ඕන ඒවා ඕන කඩිනමිකින් සම්මත කරන්න මිසක් ජනතාවගේ සුභ සිද්ධිය ට අදාළ ඒවා කඩිනමින් කරන්න නොවේ. ක්‍රියාත්මක කිරීමත් ඒ විධියට තමයි. ඒත් 2/3 දුන්නෙත් අපම තමයි
ගෑස්, කිරිපිටි දැන් සීනි. වෙළෙඳ ඇමතිලා දෙන්නම පඹයෝද.?
2/3කේ ආණ්ඩුවට ජනතාවට කිසිම දෙයක් සාධාරණ විදියට අඩු කරන්න බැරි ආණ්ඩුවක්නේ.
ඒ එක්කම කිරි පිටිත් නැහැ පාන් පිටිත් නැහැ . ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ .
2/3 තිබිලත් ඕක කරගන්න බැරි ඔබ ඇමතිකමකට සුදුසු නැත.