
රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරෙසිල්ඩ්, අද (5) ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව ගියාය. ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන චිත්‍රපටයක රංගනය සඳහාය.
37 හැවිරිදි යුලියා, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ රුසියාවේ සෝයූස් රොකට්ටුවේ සහ සෝයූස් එම්.එස්.16 ගගන කැප්සියුලයේ ආධාරයෙනි. පැය කීපයක ගමනකින් අනතුරුව රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය කිලෝ මීටර් 354 ක් ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය.

යුලියා අභ්‍යවකාශය බලා ගියේ තනිවම නොවෙයි. පළපුරුදු රුසියන් ගගනගාමීයකු වන ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන කිම් ෂිපෙනෝව් ද ගමනට එක් වූහ. ගමන මෙහෙයවමින් ඊට නායකත්වය දීම කළේ ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් ය. සෝයූස් ගගන කැප්සියුලය රැගත් සෝයූස් රොකට්ටුව පිටත් වූයේ කසක්ස්තානයේ බයිකනූර් රුසියන් ගගන මධ්‍යස්ථානයෙනි.
ඉදිරි දින 12 ක කාලයේ අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ 'චැලේන්ජ්' යනුවෙනි. රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන 37 හැවිරිදි කිම් ෂිපෙන්කෝ පවසන්නේ 'චැලේන්ජ්' චිත්‍රපටය හැකිතාක් තාත්වික අයුරින් ප්‍රේෂ්කයන් හමුවට ගෙන ඒමට අවශ්‍ය බැවින්, එය සැබැවින්ම අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කරන බවය. චිත්‍රපටයේ කැමරාකරණ කටයුතු තමන් අතින් ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින සෙසු රුසියන් ගගනගාමීන් අතින් ද සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ පැහැදිලි කර තිබේ.

යුලියා, ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් සහ කිම් ෂිපෙන්කෝ
''චැලෙන්ජ් චිත්‍රපටය නිර්මාණය වන්නේ දක්ෂ වෛද්‍යවරයකු පාදක කර ගනිමින්. මොහු අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බකට මුහුණ දී රෝගී වෙනවා. ඔහු පෘථිවියට ගේන්න විදියක් නැති වෙනවා. ඔහුට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයාට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා' යැයි චිත්‍රපටයේ කතාව මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් කිම් ෂිපෙන්කෝ පවසා ඇත.

කිම් ෂිපෙන්කෝ
'චැලෙන්ජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි. මාස ගණනක් තිස්සේ මම සහ කිම් ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම් කළා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා.' යැයි ගගන ගමනට එක්වීමට පෙර යුලියා පෙරෙසිල්ඩ් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.
මේ අතර ඇමෙරිකාව ද අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූගත කිරීමට සුදානම් වෙයි. එහි නිර්මාණ කටයුතු තව නොබෝ දිනකින් ආරම්භ වනු ඇත. එය ජනප්‍රිය හොලිවුඩ් නළි ටොම් කෲස්ගේ නවතම චිත්‍රපටයයි. 58 හැවිරිදි ටොම් කෲස් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ 55 හැවිරිදි ඩග් ලීමන් එම චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සඳහා අභ්‍යවකාශයට යෑමට සූදානම් වන්නේ නාසා ආයතනය සහ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගම හවුල් කර ගනිමිනි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
301
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිනමා සිත්තමට නිළියත් අධ්‍යක්ෂවරයාත් උඩුගුවනට
ගමේ එකාලා Tuesday, 05 October 2021 07:43 PM
අපේ රටෙත් ඉන්නවා රොකට් යවාපු කෙනෙක්