(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත සමගි ජන බලවේගය සඳහා ‘අලියා’ ලකුණ ලබානොදුනහොත් අනිවාර්යයයෙන්ම ‘හදවත’ ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම අද (14) තීරණය කර ඇත.
නව සන්ධානයේ ලකුණ ලෙස ‘අලියා’ ලකුණ ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (14) මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා කාලය ලබාදීමටත්, මධ්‍යම රාත‍්‍රියට පෙර අවසන් තීරණයක් නොලැබුණොත් යළිත් එම පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමටත් මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළ බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගත් බව අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට සහභාගී වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන තීරණයක් ගැනීම දිනෙන් දින කල්දැමීම නොකළ යුතු බවයි.
එබැවින් එක් කඳවුරක් යටතේ තරග කළ හැකිනම් එසේ තරග කිරීමටත්, එයට අකමැති පිරිස් වේ නම් ඔවුන් ගැන නොසිතා තීරණයක් ගැනීමටත් කටයුතු කළ යුතු බව තුෂාර ඉඳුනිල් මහතා කීවේය.
දිගින් දිගටම සාකච්ඡා සඳහා කල්මැරීමෙන් සිදුවන්නේ මැතිවරණයට සූදානම් වීමට කාලයක් නොමැතිවීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත‍්‍රීවරුන් 50කට ආසන්න පිරිසක් පැමිණි බව ද වාර්තා වේ.
විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දීම එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායකවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.

COMMENTS
කන්න දීපු අත හපා කාලා.. අලියත් මරලා පක්ෂයත් මරලා පස්ස බලපල්ලා. සමගියක් නැති සිංහල කාලකන්නි...
අසමගිය බලය අහිමිවීමට හේතුවිය හැකියි..
සූත්තර පුංචාව බේරන්න ඇතිතරම් කඩේ ගිහින්.. එතකොට ෆුට් නෝට් ලියලත් සුත්තරයාගේ හොඳම අය මේ අර අඳින්නේ තවත් විනාශයකටයි.
යෝධයෝ, කියවන්නේ නැතිව ක්‍රියාවෙන් ඔප්පු කරනවා. පොහොට්ටුව පිපුණෙත් නිහඬව පිටුපසින් ආපු තල්ලුවෙන්. කයිය ගහන්නේ බැරි එවුන්...!
රනිල් අලියා බදාගෙන වලපල්ලට යනකන් ඉන්නේ නැතුව ඔහොම තීරණයක් ගන්න එක හොඳයි. අපි නුවර ඡන්ද අරන් දෙන්න බැහැලා වැඩ කරනවා..
ඔව් අපි ඕමි ක්‍රීඩාවේ හාරත කොළයට අයිති ඉහලම තනතුර සජිත්ට දෙනවා. ඒ ගැන සැකයක් හිතන්න එපා.
අලියා කියන්නේ අවාසනාව ගේන ලකුණක්... බලය ලැබුණත් රැකගන්න බෑ..
බොරුවට කෑ ගහන්න එපා. පාක්ෂිකයින් සමග සමගියෙන් වැඩ කරන්න ඕනෑවට වැඩිය කෑගහලා මොකද වුනේ ගියපාර මැතිවරණයේදී?
මොකෙන් ආවත් වැලේ වැල් නැහැ මේ හොරුන්ට.. ශක්තිමත් විපක්ෂයක් නැහැ මිනිස්සු අනාථයි. ආයෙත් ලෝක හොරුන්ට හිතේ හැටියට හොරාකන්න පුළුවන් විදිහට මිනිස්සු පාරකපලා දුන්නා.
ජනපති ගෝඨාභය අතලකුණ ඕනෑ කියලා බෙරිහන් දුන්නද? එහි අයිතිය ප්‍රධාන පක්ෂයට තබා පොහොට්ටුව ලකුණින් තරග කළා. ඇයි සජිත්ට එහෙම කරන්න බැරි...?
ප්‍රිය සූරිසේනගේ "හදවත ඉල්ලා" සින්දුව කියන්න
මීළඟ මහ මැතිවරනයෙන් පැරදවීමට කළුතර මිනිසුන් වගබලා ගත යුතුය.
ලකුණ මොකක් වුනත් පරාජය නතර කළ නොහැක.
එජාපෙට තිබෙන ලොකුම ප්‍රශ්නය ලකුණ නොව රනිල් , ඔහු තව අවරුදු 5 ඔකේ නායකත්වය දැරුවොත් දෙමල සන්ධානය නැවත ලංකාවේ විපක්ෂය වෙනවා