(ඩයනා උදයංගනී)
සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අයකරන ගාස්තු හා බදු ඉහළ නංවමින් කෙටුම්පත් කර ඇති ‘ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වා ගෙනයාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 200 සිට 400 දක්වා ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කර තිබේ.
රැජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වන බද්ද රුපියල් මිලියනයක් ලෙස නියම කිරීමට ද මෙහිදී අනුමැතිය හිමිව ඇත.
කැසිනෝ සඳහා ඇතුළු වීමේදී ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් පමණක් ගාස්තුවක් අය කිරීමටත්, දළ එකතුව මත බද්ද 10 % සිට 15% දක්වා වැඩි කිරීමටත් මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වසර සඳහා ඉදිරිපත් කෙරුණු 2019 අයවැය හා පසුගිය අගෝස්තු 27 වැනිදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පනත සංශෝධනය කෙරෙන අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
2025 නොවැම්බර් මස 04
367
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1641
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූදු ව්‍යාපාර වලින් අයකරන ගාස්තු හා බදු ඉහළට
bamunuarachchi Wednesday, 16 October 2019 11:07 AM
ඉඳලා හිටලා ලෝන් එකක් දාගත්තා... එ්කත් නැති කරන්නයි හදන්නේ...
BamunuarachchiThursday, 17 October 2019 01:07 PM
ලෝන් එකක් නොවෙයි හලෝ "ඕලෝන්" එකක්. "ඕලෝන්". "ට්‍රිබල්" කියන්නේ සූදුවේ භාවිතාවෙන නම්.... 1957 මම පළමු වතාවට සත 10 ට්‍රිබල් එකක් දාලා රු 33.40ක් දිනාගත්තා. එ්ක අද රුපියල් 1000 ඔට්ටු අල්ලලා රුපි 334000.00ක් දින්නා වගේ...
Bamunuarachchi Thursday, 17 October 2019 01:21 PM
මට මතක් වෙනවා රත්තරන් බිත්තර දාපු කිකිලිට වෙච්චිදේ? මේ අයට දැන් බදු ගහන්න දෙයක් ඉතුරුවෙලා නැත 'බාගෙන කන වළ ඉහගෙන කන්න යනවා" කියන්නේ මේකටයි.