IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සුදු වෑන් මාධ්‍ය හමුවේ දෙදෙනාගෙන් සිරගෙදරදී යළිත් ප්‍රකාශ ගනී

 

( +++ නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් දෙදෙනාගෙන් නැවත ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිට බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (1) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ ඒකකය මෝසමක් ගොනුකරමින් අධිකරණයේන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 114 (4) සහ 124 වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනූව අද (2) පෙරවරු 9 සිට සවස 4 දක්වා වූ කාලය තුළදී මෙම ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක හේමන්ත සහ පොලිස් කොස්තාපල් සුරංග යන නිලධාරීන්ට අවශ්‍යය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධිතාරවරයාට නියෝග කෙරිණි.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව එම සැකකරුවන් දෙදෙනාගෙන් නැවතත් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවශ්‍යය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 30 වැනිදා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරැවන් දෙදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් දීමට සූදානම් බවටද එදින අධිකරණට හමුවේ කරුණු ඉදිරිපත් විණි. ඒ අනූව අධිකරණය පැමිණිලි පාර්ශ්වයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ චෝදනා පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

මෙම සිද්ධියේ පළමුවැනි සහ දෙවැනි සැකකරුවන් වන්නේ කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී අතුල සංජීව මදනායක  (46) නොහොත් ‘උණ්ඩියල් අතුල‘ සම අහුගම්මන ,අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ සරත් කුමාර (45) යන දෙදෙනාය. මෙම සැකකරුවන් දෙදෙනා ලබන 6 වැනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පැහැරගෙන යාම, මංකොල්ල කෑම, වදහිංසා පැමිණවීම යන ජෝදනා මත ඉකුත් 13 වැනිද රාත්‍රී 7.45 පැමිණවීම  යන චෝදනා මත  ඉකුත් 13 වැනිදා රාත්‍රී 7.45 ට පමණ කඩවත මහර ප්‍රදේශයේ හෝටලයකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනාට මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා රුපියල් ලක්ෂ 10 න් බැගින් ලක්ෂ 20 ක මුදලක් දුන්නේ යැයි කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහමඩ් රූමි මහතා පෙරේදා (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවූ අතර මෙම සිද්ධිවේ සිව්වැනි සැකකරු ලෙසට නම් කෙරුණු ඔහු ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දණ්ඩ නීති පනත සහ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනත යටතය ගැනෙන වරදක් සිදුකළැයි වරෙන්තු ලැබ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 30 වැනිදාය.

ඉකුත් 2019 නොවැම්බර් මස 10 වැනි දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනීමැරීම, පැහැරගෙන යාම, වධ හිංසා පැමිණවීම, සොරකම් කිරීම, තොරතුරු වසන් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් හෙළිකරන ලද සිද්ධීන් වලට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව නැමැත්තා විසිනි.

මෙම තැනැත්තන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් මිනී මැරීම, පැහැරගෙන යාම, වද හිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම ආදී වශයෙන් කරන ලද අනාවරණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණය වෙත එලෙස කරුණු වාර්තා කර තිබිණි.

 



අදහස් (1)

සුදු වෑන් මාධ්‍ය හමුවේ දෙදෙනාගෙන් සිරගෙදරදී යළිත් ප්‍රකාශ ගනී

Hafeel Thursday, 02 January 2020 01:37 PM

කොහොමද නීතිය..? රාජිතට රෝහලත් ප්‍රකාශ සටහන් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28485 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10971 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site