IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


සදාම් හුසේන්ගේ ගෝලයෙක් අයිඑස්අයිඑස් නායකයා ලෙස පත්වෙයි

ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයි වාර්තා වේ.

‘ද ප්‍රොෆෙස (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ නම අබ්දුල්ලා කර්දාෂ් බවත් ‘ද ඩිස්ට්‍රෝයර් (විනාශකරු)’ යන නමෙන්ද හැඳින්වෙන බවත් පැවසේ.

ඔහුගේ දැඩි ප්‍රතිපත්ති දරදඬු පාලනය හේතුවෙන් එම නම් පටබැඳී ඇති බවත් වාර්තා වේ. ඔහු සැරපරුෂ සහ කූර පුද්ගලයකු වුවත් අයි.එස්.අයි.එස්. සංවිධානය තුළ ජනප්‍රිය පුද්ගලයකු බව පැවසේ.

අබ්දුල්ලා කර්දාෂ් සදාම් හුසේන්ගේ හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇති බව පැවසෙන අතර හෙතෙම අබු බකර් අල් බැග්ඩෑඩි සිරගතව සිටියදී ඔහු සමඟ සිටි බව ද කියැවේ.

ඔහු අයි.එස්. සංවිධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා බවත් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ සමීපතමයකු බවත් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවිණි.

අයි.එස්. සංවිධානයයේ පුවත් ආයතනය වන ‘අමාක්’ නිකුත් කළ නිවේදනයකට අනුව අල් බැග්ඩෑඩි පසුගිය අගෝස්තු මාසයේදී අයි.එස්. සංවිධානයේ දෛනික කටයුතු මෙහෙයවීමේ වගකීම ද කර්දාෂ්ට බාර දී තිබේ.

ඬේලිමේල් ඇසුරිනි

055

 



අදහස් (0)

සදාම් හුසේන්ගේ ගෝලයෙක් අයිඑස්අයිඑස් නායකයා ලෙස පත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2543 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site