IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘සූදුකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළා’

(නිමල කොඩිතුවක්කු)

තමන් ක‍්‍රීඩා අමාත්‍ය ධුරය දරද්දී සූදුකරුවන් ක‍්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළ බවත් කි‍්‍රකට් ක‍්‍රිඩාව යළිත් සූදුකරුවන්ට යටත් කරන්නේ ද යන තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සතු බවත් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු  මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (7) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු  මහතා මෙසේ ද කීය.

‘‘අපි රටේ ක‍්‍රීඩා නීතිය වෙනස් කළා. අයිසීසීයේ තියෙන ආචාර ධර්ම පද්ධතිය අපේ නීතියට ඇතුළත් කළා. ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අපි නව අණ පනත් ගෙනාවා.

සූදු කරන පිරිස් අපි ක‍්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළා. සූදුවල ඉන්න කෙනෙක් ක‍්‍රීඩාවේ පරිපාලනයේ ඉන්න ඕන කියලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හිතනවා නම් ඒක කරගෙන ගියපු දෙන්. ඒ ගැන මට කිසි ප‍්‍රශ්නයක් නැහැ. මගේ කාලෙදී මම හරි දේ කළා.

ක‍්‍රිකට් ගැන මම ගත්තු තීන්දු අද රටේ ක‍්‍රීඩාවේ උන්නතියට හේතු වී තිබෙනවා. දැන් යළිත් පරණ තත්වයටම මේ දේවල් පත් කරනවා නම් ඒ ගැන තීරණයක් ගන්න එක රටේ ජනතාවට බාරයි.

ක‍්‍රීඩාවේ තමයි දේශපාලනය වැඩිපුරම තියෙන්නේ. ක‍්‍රීඩා සංගම් ඔක්කොම එකයි. සුද්ද කරන්න බෑ බෑ කියපු ක‍්‍රිකට් පරිපාලනය මම සුද්ද කරපු එක වැරදි ද කියා අහනවා. මෙහෙම ගියොත් ලංකාවේ ක‍්‍රිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.

ක‍්‍රීඩාවට දේශපාලනය ගෑව්වේ නැත්නම් සාර්ථක ගමනක් යන්න පුළුවන්. සාග් තරගාවලියේ දී අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විශාල ජයග‍්‍රහණ  ලැබුවා. ඒ ගැන මම ඔවුන්ට ස්තූති වන්ත වෙනවා.

ඒ වගේම මේ පදක්කම්ලාභී දරුවන්ට රජයේ රැකියා ලබාදෙන ලෙසට නව ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටිනවා. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට වගේ මේ ක‍්‍රීඩකයන්ට මුදල් ලැබෙන්නේ නැහැ. මේ ක‍්‍රීඩකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.

ක‍්‍රීඩා අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක් අමාත්‍යවරයකු යටතට පත්කිරිම ගැන සතුටු වෙනවා. පහුගිය අවුරුදු පහේ හිටපු කැබිනට් එකේ ක‍්‍රීඩා අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු වලට අකුල් හෙළනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දේවල් වලට අකුල් හෙළනවා.  වත්මන් රජය ගත් මේ පියවර  පාසල් මට්ටමින් ක‍්‍රිඩාව දියුණු කිරිමට හොඳ අවස්ථාවක්.

හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා විදියට මට නඩු තුනක් පවරලා තියෙනවා. මේ සියලූ නඩු පැවරීම් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුවයි. තනි පුද්ගලයෙක් හැටියට රජයක් එක්ක සටන් කරන්න මට බැහැ. ඒ නිසා බලය, ඇමැතිකම්, මුදල් අනුව ක‍්‍රිකට් ක‍්‍රීඩාව යටවීමට බැරිකමක් නැහැ කියන අනතුරු ඇඟවීම කරනවා.

ලංකාවේ නීතිය ස්වාධිනයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි දැන් දැන් වෙන දේවලට මගේ කකුල් දෙක ගැහෙනවා. ලංකාවේ දේශපාලනය යන තත්වය ගැන කණගාටු වෙනවා.

චන්දික හතුරුසිංහ මහතාත් මට විරුද්ධව කටයුතු කරනවා කියලා දැන් කියනවා. හතුරුසිංහ මහතාට ගෙව්ව වැටුපෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මිකී ආතර්, ග‍්‍රාන්ඩ් ෆලවර් ඇතුළු ලෝකයේ නමක් දිනා සිටින හොඳම පස් දෙනෙකුට වැටුප් ගෙවනවා. මේ පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ ගැන ගණන් මිනුම් එක්ක වුණත් ඉදිරිපත් කළ හැකියි’’ යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (3)

‘සූදුකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළා’

ඇන්ටන් Tuesday, 07 January 2020 12:35 PM

අනේ හොඳයි..........................

:       0       4

De Tuesday, 07 January 2020 01:22 PM

ඒ උනාට ඔයාට කුසල්ව අයින් කරන්න බෑනේ......

:       1       1

Mahee Tuesday, 07 January 2020 01:51 PM

ඒ වුනාට ක්‍රිකට් පාලනයෙන් ඉවත් කෙරුණු සුදුකාරයා රටම පාලනය කරන්න පුළුවන් තැනකට ඇවිත්නේ. එක සමාන කුරුල්ලෝ එක ඇත්තට එකතුවෙන හින්ද වෙන්න ඇති නේද? ඔක්කොම සුදුකාරයෝනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site