(යොහාන් භාසුර)
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා භාණ්ඩ වර්ග 50 ක් වෙළෙඳපොල මිලට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50 කට ද, සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130 කට ද, සීනි කිලෝවක් රුපියල් 125 කට ද මිලදී ගතහැකි බව කී අමාත්‍යවරයා රට තුළ පවතින මිලට වඩා අඩු මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 50ක් පාරිභෝගිකයා වෙත ලබා දීමට දිවයින පුරා පිහිටි ලංකා සතොස අළෙවිසල් හරහා කටයුතු සලසා ඇති බව ද සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ, දෙමළ භාෂාවෙන් නාඩු කියන්නේ රට කියන එකට, මම කුඩා කාලයේ අපි කෑවෙම ඔය පිටරටින් ගෙනා දැන් නාඩු කියන නාඩු හාල්... ඒවාට ඒ කාලේ කිව්වේ රට හාල් කියලා.. සහල් සලාක පොත නැත්නම් කූපන් පොත අරගෙන සමුපකාර කඩේට හෝ බලයලත් වෙළෙන්ඳා ළගට ගියාම තිබුණොත් හාල් ගේනවා නැතිවුණොත් නැවත දවසක යනවා. මේ තත්ත්වය නැතිකිරීමේ මුල් පියවර ඩී.ඇස් මැතිතුමා ආරම්භ කළා. බත් දුන් පියාගේ වගා සංග්‍රාමය මගින් ඉදිරියට ගෙනගියා.. හඳෙන් හාල් කන්න ගිහින් වගා සංග්‍රාමය නැතිවුණා. මැතිණියත් ඩඩ්ලි මැතිතුමා ඇරඹූ මහවැලිය ඉදිරියට ගෙනගියේ සතියකට දින දෙකක් බත් කෑම තහනම් කරමිනි. වගා සංග්‍රාමයේ ඵල ලැබූ අපිට දේශීය හාල්වලින් පිසූ බත් හුරු නිසා රටහාල් කන්න බැහැ. පුළුවන් නම් රතු කැකුලු හාල් ටිකක් අඩුවට දෙන්න...