(අජන්ත කුමාර අගලකඩ)
සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීම හේතුවෙන් එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල්දැමූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එම කොමිසම පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එම සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි වාර්තාවේ.
මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාද මේ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කරන බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම" මේ මොකක්ද මේ?
අපරාදේ කොමිසන් පත් කරන්නේ. සංහිඳියාව ඇති කිරීම සඳහා මාස කීපෙකට ඉස්සෙල්ල "කනේ පාරක්" කියන රේඩියෝ නාට්‍ය වගයක් ප්‍රචාරය කරන්න ලෑස්ති කරලා තිබුන. හාමුදුරුවරු කට්ටියක් ගෝරි දාපු හින්ද ඒ වැඩේ අංජබජල් වුනා.. අපරාදේ. ඇත්තමයි, "කනේ පාර" දුන්නා නම් මෙලහකටත් ඒක පත්තියන් වෙලා සංහිඳියාව ජනතා අයිතියට පත් වෙලා ඉවර වෙන්නත් තිබුණ!
දානවකෝ බැංකු මංකොල්ල කෑ අයට සුදුසු දඬුවමක් තෝරන්න කොමිසමක්. කාටද සංහිඳියාවක් ඕනේ. අපිටනම් එපා. අපි සුළු ජනවාර්ගිකයින් අමතන්නේ ඔවුනට ආවේනික කෙටි නම් වලින්.
බොරුවෙන්ම ජීවත්වෙන දේශපාලකයො ඉන්න මේ රටේ සත්‍ය හා සංහදියා කොමිසමක් දැමීමේ තේරුමක් නැහැ. මුදල් හා කාලය කා දමන දෙයක් මේක. සංහිදියාවක් ඇති වෙන්නෙ ජාතිවාදී දේශපාලනය හා බොරු පොරොන්දු දේශපාලනය මෙරටින් තුරන්කළ දාටයි.