ඉන්දියාවේ කාශ්මීරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඡයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී කණ්ඩායමට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලා තිබේ.
ඉන්දියාවේ විශේෂ පොලිස් බළකායට අයත් හමුදා බස් රථයකට ඊයේ (14) එල්ල කළ ප්‍රහාරයෙන් 44 දෙනෙක් මිය ගොස් 13 දෙනෙක් තුවාල ලැබුහ.
මරාගෙන මැරරෙන බෝම්බකරුවකු විසින් කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තානය දැඩි ලෙස කණස්සල්ල පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවට නඟන චෝදනා පකිස්තානය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
කාශ්මීර ප්‍රදේශයේ 1989 සිට ඉන්දියානු පාලනයට එරෙහිව කැරලි ආරම්භ වූ අතර දශකයකින් පසු කාශ්මීර කලාපය තුළ ඉන්දියානු හමුදාවන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇතුළු ලෝකය පූරා සංවිධාන මෙම ප්‍රහාරය හෙළා දකී.
මේ අතර ඉන්දියාවේ වෙසෙන පාකිස්තානු තානාපති සොහේල් මොහොමඩ් මහතා කැඳවූ ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය වහාම සොයා බැලිය යුතු බවයි.
බීබීසී ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd