(නිමන්ති රණසිංහ)
නීතිපති උපදෙස් ප්‍රකාරව අලි ඇතුන් දාහතර දෙනකු මුදා හැරීමට අදාළව උපදෙස් ලැබුණු අංක 206 "සුජීවා" ඇතින්න සමග ඇගේ පැටවා ද මුල් හිමිකරුටම මුදා හරින ලෙසට නීතිඥවරුන් කර ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) ප්‍රතික්ෂේප කළාය.
අලි ඇතුන් මුදාහැරීම සම්බන්ධයෙන් වන නියෝගයට අංක 7 මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථීර කරනු ලැබ ඇති අවස්ථාවක සහ මෙම නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවන නඩුවක් වන බැවින් මෙම ඉල්ලීමට අවසර ලබාදීමට තමාට හැකියාවක් නැතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ඉවත දැමුවාය .
ඒ අනුව ලබන 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම නඩුව කැඳවා එම ඉල්ලීම කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අදාල පාර්ශවයට දැනුම් දුන්නාය .
නීතිපති උපදෙස් ප්‍රකාරව මුදාහැරුණු අලි ඇතුන් 14 දෙනා අතර සිටින අංක 206 "සුජීවා" ඇතින්නට පැටවකු ලැබී ඇති බවත්, මව සමග ඇත් පැටවා ද සුජීවා ඇතින්න ගේ මුල් අයිතිකරුට මුදා හරින ලෙසත් එම අයිතිකරුගේ නීතිඥවරුන් අද (21) මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම ඉල්ලීම ලබන 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ ඉල්ලීම් කරන ලෙසට සඳහන් කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
COMMENTS
කවුද ඉල්ලන්නේ? අර නඩුකාරයා අලි හොරාද?