IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


’’සුජීවා’’ ඇතින්න-පැටවා මුල් හිමිකරුට දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(නිමන්ති රණසිංහ)

නීතිපති උපදෙස් ප්‍රකාරව අලි ඇතුන් දාහතර දෙනකු මුදා හැරීමට අදාළව උපදෙස් ලැබුණු අංක 206 "සුජීවා" ඇතින්න සමග ඇගේ පැටවා ද මුල් හිමිකරුටම මුදා හරින ලෙසට නීතිඥවරුන් කර ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) ප්‍රතික්ෂේප කළාය.

අලි ඇතුන් මුදාහැරීම සම්බන්ධයෙන් වන නියෝගයට අංක 7 මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථීර කරනු ලැබ ඇති අවස්ථාවක සහ මෙම නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවන නඩුවක් වන බැවින් මෙම ඉල්ලීමට අවසර ලබාදීමට තමාට හැකියාවක් නැතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ඉවත දැමුවාය .

ඒ අනුව ලබන 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම නඩුව කැඳවා එම ඉල්ලීම කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අදාල පාර්ශවයට දැනුම් දුන්නාය .

නීතිපති උපදෙස් ප්‍රකාරව මුදාහැරුණු අලි ඇතුන් 14 දෙනා අතර සිටින අංක 206 "සුජීවා" ඇතින්නට පැටවකු ලැබී ඇති බවත්, මව සමග ඇත් පැටවා ද සුජීවා ඇතින්න ගේ මුල් අයිතිකරුට මුදා හරින ලෙසත් එම අයිතිකරුගේ නීතිඥවරුන් අද (21) මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම ඉල්ලීම ලබන 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ ඉල්ලීම් කරන ලෙසට සඳහන් කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.



අදහස් (1)

’’සුජීවා’’ ඇතින්න-පැටවා මුල් හිමිකරුට දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

royfedricks Wednesday, 22 September 2021 12:34 AM

කවුද ඉල්ලන්නේ? අර නඩුකාරයා අලි හොරාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site