( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින "සුජීවා" නැමැති ඇතින්නිය සහ තුන් මාසයක් වයසැති ඇයගේ පැටවා කිසිදු පාර්ශවයක් වෙත මුදාහැරීමෙන් වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ එම දෙපාර්තමේන්තුවට එරෙහිව අද (22) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන 29 වැනි තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකුත් ලැබ ඇත.
ඒසේම අභියාචනාධිකරණ නියෝග කරන තෙක් එම ඇතින්න සහ ඇයගේ පැටවා වනජීවි සංරක්ෂණ දොපාර්තමේන්තුව බාරයේ රදවා තබා ගන්නා ලෙසද නියෝග කෙරිණි.
අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට දන්වා යවන ලෙසද වෙත දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට අධිකරණයෙන් නියෝග කෙරිණි.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ එම ඇතින්න හා පැටවා කිසිදු පාර්ශවයකට නොපවරන්නැයි ඉල්ලා පාරිසරික සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සත්ත්වයින් උදෙසා යුක්තිය නමැති සංවිධානය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුවය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“සූජීවා’’ ඇතින්න-පැටවා කිසිදු පාර්ශවයකට නොපවරන්නැයි අතුරු නියෝගයක්