
(සුජිත් හේවාජුලිගේ, අංජුල මහික වීරරත්න සහ ජයමාල් චන්ද්‍රසිරි)
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හිරිහැර සිදුවන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය.
මෙයට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ජල පොකුණ අසල අද පෙරවරුවේ උද්ඝෝෂණයකද නිරත වන බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට අද බාරදීමටද තීරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුළුවන් නම් කාර් පර්මිට්ස් ,සැලරීස් අනිත් දීමනාත් වර්ජනය කරන්නකෝ.ලොකු දෙයක්.පුළුවන් නම් ඉල්ලා අස් වෙන්න