IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සජබෙට නව සංවිධායකයන් 31ක්

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය සදහා නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 31 දෙනකු අද (29) පත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙයට අදාළ පත්වීම් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පිරිනැමිණ.

ආසන සංවිධායකවරුන් දාහත් දෙනකුට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් දාහතර දෙනකුට මෙම පත්වීම් ප්‍රදානය කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේගය සඳහා නව ආසන සංවිධායකවරුන් 107 දෙනකු සහ දිස්ත්‍රික් සංවිධායකවරු අටදෙනකු මෙයට පෙර පත් කළ බව පක්ෂ ආරංචි මාර්ග කියයි.

සමගි ජන බලවේගය නුතනවාදී විපක්ෂයක් ලෙස ජනතා අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඒ අනුව කටයුතු කරමින් යන බවත් ඒ සඳහා තම ශක්තිය ලබා දෙන ලෙසට එහිදී විපක්ෂනායකවරයා ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දෙනු ලැබීය.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කළේය.

 



අදහස් (0)

සජබෙට නව සංවිධායකයන් 31ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site