(අංජුල මහික වීරරත්න)
මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට සමගි ජන බලවේගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට යළි පක්ෂයට එකතු වීමේ අවස්ථා තව තවත් පුළුල් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) උපදෙස් දුන්නේය.
සමගි ජන බලවේගයට සහාය පළ කර එක්සත් ජාතික පක්ෂයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ වගකීම පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාටය .
පක්ෂ මහලේකම් ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, පළාත්පාලන කමිටු සභාපති සන්දිත් සමරසිංහ මහත්වරුද මෙම කාර්යභාරයේ නිරතව සිටිති.
සමගි ජන බලවේගයට සහාය ලබා දී යළි එක්සත් ජාතික පක්ෂයට සහය පල කරමින් එන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහළ යමින් පැවතීම නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදේශය ලබාදුන් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 ඡන්ද ටිකත් ඉදිරියේදී නැති වේවි නේද?
දොර කෙසේවෙතත් ගැඹුරු ලිඳක් පෙන්නන්න ළමයෝ...
ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී බලාගන්න පුළුවන් ඔවුන් සේරම කොහෙද ඉන්නේ කියලා... මේවා තාවකාලික සතුටක්...
මහ ගෙදර දොරවල් ඇරෙනවා නෙමෙයි.. අද වෙනකොට රනිල් එජාපය නැත්තට නැති කරලා තව මේ කරන මනස්ගාත කතා දැන් නම් පිස්සුම හැදිලා වගේ. ලලිත්ලා, ගාමිණී දිසානායක වගේ අය අද වනකොට එජාපයේ හිටියා නම් රනිල්ව පක්ෂයෙන් පන්නල දාලා ගොඩක් කල්. ලබන පාර ඡන්දෙන් රනිල්ට මේ පින් බෝනස් ආසනයත් නැතිවෙලා පීචන්ම වෙලා ගෙදර යන්න වෙයි. අහෝ සද්දන්ත මහා කුළුණක් වගේ රටේ ප්‍රබලම එජාපයට රනිල් කරපු හදිය...
ඔය රට කාපු පක්ෂයට මහ ගෙදර කියන උතුම් වචනය දාලා ඒකත් අවභාවිතා කරන්න එපා. ඔය කියන ලංකාවේ මහගෙදර කට්ටිය ලංකාවේ මිනිස්සු ලක්ෂ කීයක් ඝාතනය කළාද? සිංහල වචන අරන් ජනතාව ගොනාට අන්දනවා හැමදාම...