IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සජින් වාස්ට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) නියම කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගත් විනිසුරුවරයා සජින් ද වාස් ගුණවර්ධන මහතා පෙර ඇප මත මුදාහැරීමට නියම කළේය.

වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා සම්බන්ධ නඩු විභාගයේ සාක්කි විමසීම ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මීට පෙර අවස්ථාවක ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කෙරිණි.

2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොලඹදී නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

විත්තිකරු මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

සජින් ද වාස් ගුණවර්ධන මහතා නීතිවිරෝධි ක්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධූර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරු කළ බව විත්තිකරු සඳහන් කළත්  විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හී මෙහෙයුම් කටයුතු වල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු වල ගනදෙනු වල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව ලබන මාර්තු මස 17 වැනිදා දක්වා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ උදාර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.

 

 

 

 



අදහස් (4)

සජින් වාස්ට ඇප

සනත් ඉතාලිය Friday, 13 March 2020 01:24 PM

ආණ්ඩුව කොරෝනා බිල්ල මවලා හොරු ඔක්කොම එළියට දානවා.

:       0       16

Raveendra Friday, 13 March 2020 02:05 PM

ජාතික ව්‍යසනයක් තිබෙන මේ මොහොතේ තක්කඩියන් හීන්සැරේ ඇගට නොදැනිම එළි බහිනවා නේද ? නරකම නැහැ ක්‍රමය.

:       0       20

නන්නාදුනන හාදයා Friday, 13 March 2020 02:25 PM

ඕකට තිබෙන එකම විසඳුම .."..නන්නාඳුනන තුවක්කුකරු .." පමණයි. ඉතාම අාසන්න දවසකදී ඔහු ඔහුගේ ඓතිහාසික කාර්යය පටන් ගනු ඇතැයි සිතමි.. ඔහු මෙයාගෙන්ම වැඩ පටන් ගත්තොත් කොයිතරම් අගනේද..?

:       0       64

Nimal Friday, 13 March 2020 02:51 PM

කොරෝනා වලට පිං සිද්ධවෙන්න ඔන්න මං එළියට ආවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site