IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජින් වාස්ගේ නඩුව පෙබරවාරියේ සිට දිනපතා විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමේනතු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ ලේඛන නිසි අන්දමින් විත්ති පාර්ශවයට ලැබී ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට දැනුම් දීමෙන් පසු නඩුව ලබන වසරේ පෙබරවාරි 25 වැනි දා සිට දිනපතා විභාග කිරීමට අද (1) තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටී.

 

ඒ අනුව මෙම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කර ඇති වසන්ත සමරසිංහ මහතා ඇතුළු සාක්කිකරුවන් තිදෙනෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරුවරයා සිතාසි නිකුත් කළේය.

2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹ දී නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

විත්තිකරු විසින් මුදල් විශූද්ධිකරණ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේ දී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

14 වැනි පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත්  විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව අදාළ ව්‍යාපාරයන් හි මෙහෙයුම් කටයුතු වල සක‍්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 7 ක් උපයෝගී කරගනිමින් සැකකටයුතුවල ගනදෙනුවල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුවට අදාළ ලේඛන විත්ති පාර්ශවයට නිසි අන්දමින් ලැබී ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන ලබන වසරේ පෙබරවාරි මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

සජින් වාස්ගේ නඩුව පෙබරවාරියේ සිට දිනපතා විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site