(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කැලණිය රජමහා විහාරයට ගොස් අද (10) උදෑසන ආගමික වතාවත්වල නිරත විය.
එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට කැළණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ආශිර්වාදය හිමිවිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සිය ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත්වල නිරත වීම සඳහා මෙලෙස කැලණිය රජමහා විහාරයට ගොස් තිබිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.




COMMENTS
ජයවේවා මැතිඳුනි,
සජිත්, තරුණ ඔබට ජය නියතයි...
කවුරු කෙසේ කිව්වත් සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති වෙනවා...
ගෝඨාට බැහැ. සජිත් දිනනවා
පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම අපි වදිනවනේ..// එනමුත් කරපු ,කරනා පව් බැහැ කිසිදින ගෙවන්නට..// යන යන තැනට වැඩකෙරුවට බැහැ බේරෙන්නට ..// මෙය හැකිවෙයිද කිසිවෙකුහට මගහැරුමට මෙලොකේදී..///
සිංහල, මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි සියලු දෙනාගේ ඡන්ද ලබාගෙන සියයට හැටක ප්‍රතිශතයකින් සජිත් දිනනවා.
පාට පක්ෂ කුමක් වුවත් ඔබ අපේ මීළඟ ජනපති
සජිත් කියන්නෙ දුප්පතාගේ හිතවතා. පොදුජන නායකයා. ඔබට ජයවේවා. රටට සෙත සැලසේවා.
ජය සිකුරුයි සජිත්.................................
සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති.ජයවේවා!
රටට ඕන තරුණ ජනපති කෙනෙක්.
සජිත් කියන්නේ වලව්වේ හාමු කෙනෙක් නෙවේ පොඩි මිනිහෙක්. දුප්පතාගේ හිතවතා.අපි සජිත්ට...............
දැනට ඔහොම ඉන්න.පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.අපිට අමතක නැහැ පසුගිය වසර පහ.
අනේ ඔව් ඔව්.. දිනලා ඇවිත් ශ්‍රී මුඛයෙන් කියන එව්වා අහගෙන ඉන්නකොට තේරෙයි කර ගත්තේ තවත් එක ගොන්කමක් කියලා.. හංසයා කියන්නේ දිනන ලකුණක්ද? ෆොන්සේකා මහත්තයත් හංසයාගෙන් ආවා කියලා මතකයි.. සජිත්ට දිනන්න ලැබෙයිද කියලා අපිට නම් විශ්වාසයක් නැහැ..
ඔබ කරුණාවන්ත නායකයෙක් , ඔබත් දිනුම්. රටත් දිනුම්.ගෝඨා තරුණ පරපුර ගොවියෝ කරන්න යනවා.ඔබට පුළුවන් ඉන්න ගොවියන්ට සහණ දෙන්න. එක ගොවියකුට වහ බීලා මැරෙන්න ඉඩ තියන්න එපා.හැම ගොවියකුටම ඉතාම අඩු මිලට අත් ට්‍රැක්ටරයක් දෙන්න. ඇමතිවරුන්ගේ දීමනා කපා හැරලා, ගොවියන්ගේ දීමනා වැඩිකරන්න. ගොවියෝ හරිම අසරණයි.තරුණයින් නායකයින් කරන්න ඉදිරියට ගන්න.අවංකව හොරකම නැතිව වැඩ කරන්න පුහුණු කරන්න. මේ රට භාර තරුණ පරපුරට මිසක් මහල්ලන්ට නෙමේ. පන අදිමින්, බෙහෙත් බිබී ජනතාවගේ මුදලින් පවුල් පිටින් පිටරට යන්නේ.
කුලී කමෙන්ට් හමුදාව ජයටම වැඩට බැහැලා. පහුගිය අවුරුදු 5 මේ අය කොහෙද හිටියේ..? බෝම්බ ගහලා මිනිස්සු අමුඅමුවේ මරනකොට බදු පිට බදු ගහලි ජීවත් වෙලා ඉන්න මිනිස්සු මරනකොට මේ සජිත් කොහෙද හිටියේ? බුද්ධි නිලධාරින් හිරේ දාද්දි, හාමුදුරුවෝ හිරේ දාද්දි මේ සජිත් කොහෙද හිටියේ? මමත් 2015 හංසයාට ඡන්දේ දුන්නු කෙනෙක්... මමත් ඇතුළුව පවුලේ විශාල පිරිසක් මේ පාර නම් මොවුන් වෙනුවෙන් කිසිඳු ඡන්දයක් දෙන්නේ නැහැ.
මොනවා කිවුවත් ගෝටා 68%යි සජිත් 32%යි
ආර්යාව, ශ්‍රී මුඛය ආදී වචන පිටවෙන්නේ නිකම්ම නොවේ. ඔහු මානසිකව පොඩි මිනිසෙක් නිසා.
නෑ ඵ්වා කියවෙන්නෙ මෝඩ උද්ධඡ කමට. උගත් කමක් නැති නිසා.