(අංජුල මහික වීරරත්න)
‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ පැවැත්වේ.
මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා වැසිබර කාළගුණයද නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටිති.
ජන රැළියට සහභාගී වූ අති විශාල ජනකායෙන් කොටසක් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ජනතාවට ආචාර කළ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ භාර්යාව? ස..ස... සමාවෙන්න ආර්යාව.. ආර්යාව. හැබෑට කෝ මේ ආර්යාව..? රනිල්ව බේරන්න ෆුට්නොට් හිටු කියල ලිව්වා.. අපේ මේ ගොයියත් ඉන්නවනේ හැබෑට...
මේකට අතිවිශාල කිව්වම අතිවිශාල එකට මොකද කියන්නේ..?
කොහොමත් සජිත් එනවාමයි. සියලුම ජනාධිපති මැතිවරණවල ජනාධිපති තීරණය වුනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්. ඔබට ජය නියතයි සජිත් එනවා, සජිත් එනවා, සජිත් එනවාමයි.
මේ ඡායාරූප නිරීක්ෂණය කරන කෙනෙකුට හොඳින් පැහැදිලි වෙනවා පාරම්පරික පාක්ෂිකයෝ ඇරෙන්න තරුණ කොටස්වල නියෝජනයක් නැති බව.. ඉතාමත් හොඳ ප්‍රවණතාවක්.. මේ පුද්ගලයා පහුගිය අවුරුදු 4 කොහෙද හිටියේ? එක වචනෙකින්වත් වැරැදිවලට කට අරිනවා දැකපු කෙනෙක් ඉන්නවද? කිසිම දැක්මක් නැහැ.
එජාපයෙන් එනවා කිව්වා තරුණ නායකයා වෙන්න ඇති මේ ... ඇත්තටම පක්ෂයේ තීන්දු තීරණ ගන්න හොට බිම ඇනුණු අයගේ වයසේ හැටියට නම් තරුණයෙක් තමයි. හැබැයි අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉඳන් එක්සත් ජාතික පක්ෂයේ සැම ජඩවැඩකටම, පනතකටම, අත උස්සපු කෙනෙක් බව අමතක කරන්න එපා.
එනවා එනවා, කියල විතරක්ම හරියන්නේ නැහැ. ඔය අපේක්ෂකත්වය කැමැත්තෙන් දුන්නු එකක් නොවෙයිනේ? අනික නීති ගොඩයි. එකෙන්ම පැහැදිලි වෙනවා බලයට මේ කට්ටිය ඕනෑම දෙයක් කරන්න සුදානම් කියලා. වහාම හඳහන බලවගෙන හිතවතුන් ආරක්ෂාවට යොදාගන්න. මතකනේ තත්ත්ව වාෂ්ප කරලා දාපු හැටි. ඒ තාත්තා ඒගොල්ලන්ගේ රහස් ව්‍යාපාර එළිකරනවා කියපු නිසා බයට. ඒක නිසා මිතුරු වෙසෙන් එන සතුරන් හඳුනා ගන්න.
සජිත්ට මගෙත් පැහැදීමක් නැහැ. නමුත් ගෝඨා හොඳද? කරපු වැරදි සේරම ඩීල් දාලා වහගත්තා. යහපාලන මෝඩයින්ට පින්සිදු වෙන්න. යුද්ධය කාලේ ත්‍රිවිධ හමුදාව... මහින්ද අන දුන්නා. ගෝඨා යුද්ධයට අණ දුන්නේවත්, යුද්ධ කළේවත් නැහැ. එයාගේ වැඩේ ලේසි වුනේ මහින්ද නිසා... මහින්ද සැබැ නායකයෙක්. දෙන්නා අගමැති, ජනපති වුණාම ඔය කෑගහන විමල් වගේ අයට එදාට කට වහගෙන යස් සර් කියන්න වෙන්නේ. 2015ට පෙර වැරදි වලින් 75% වත් නැවත සිදුවෙනවා. ව්‍යවස්ථාව වෙනස් කරනවා. නැවත මහින්ද ජනපති කරවන විදියට. එදාට සහරාන්ට කඩේ ගිය අයවත් ලං කර ගන්නවා වැඩේ කරගන්න. පෙට්‍රල් ටික 160 කළාම ඇති ගොඩක් වැඩකර ගන්න. රනිල් බැඳුම්කරයෙන් නිදහස්. කලගුණ සලකන්න. 2005දී වෙනස් කරලා හොඳ ප්‍රතිඵල අපිට ලැබුණා. 2010 දී එකට කලගුණ සැලකුවා. 2015දී වෙනස් කරන්න ගිහින් අැනගත්තා. මේ එකේ 2වන කොටස. 2010-15 වගේ දැන් ආණ්ඩු කරන්න බැහැ. හැමෝම සතුටු කරන්න වැරදි වැඩ ගොඩක් කරන්න වෙනවා. ඡන්දය දෙන්න කෙනෙක් නැහැ...
සජිත් එන්න... ඇවිත් යන්න එන්න.. බැඳුම්කරේ ඉඳන් පාස්කු ප්‍රහාරය දක්වාම අසාර්ථකම යහපාලන නඩේ ඔය කිසිවෙකුටවත් මෙදා සැරේ හැරෙන්නවත් වෙන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම්වලට වැඩිය පාක්ෂිකයින්ට රස්සා දිදී ඉන්දියාවෙන් හිඟාකකා මේ රට දිනන මාවතක යන්නේ නැහැ. සජිත්ලාට නොතේරෙන ඒ දේ වත්මන් බුද්ධිමත් ප්‍රජාවට වැටහෙනවා. බෞද්ධ දේශමාමක බලවේග කුළු ගැන්විච්ච අපේක්‍ෂකයා.. කණගාටුයි සජිත් ඒ ඔබ නොවෙයි.
මේ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් මතුගමින් ගොඩක් ඇත පළාත්වලින් ගෙන්වපු මිනිස්සු. එයාලාව අරගෙන ආව බස් විශාල ප්‍රමාණයක් මතුගම නගරය අවට හැම පාරකම නවත්වලා තියෙනවා සමහර මිනිස්සුන්ට තමන් ආව බස් එක හොයාගන්න බැරුව රාත්‍රී 7.30 , 8.00 විතර වෙනකම් මතුගම නගරය වටේ කැරකි කැරකි හිටියා කවුරු කොහේ රැස්වීම් තිබ්බත් කරන්නේ මේ දේම තමයි අනේ මන්දා මොනතරම් මුදලක් මේ එක රැස්වීමකට වියදම් කරනවාද. මේ දේවල් තේරුම් අරගෙන හරියට රට පාලනය කරන නායකයෙක් කවදා මේ රටට පහළ වේවිද ?
නායකතුමා බයකරලා අපේක්ෂක කම ගත්තට එජාප පාක්ෂිකයන්ගේ සිතේ සැමදා ඉන්නේ රනිල්
සජිත් දිනුවොත් මංගල මුදල් ඇමති තුමාගෙන් අපි ගැලවෙන්නේ කොහොමද . නය කාඩ් වල පොලිය 33%. වෙනස සැපයි දැන්නම් හොඳටම . එතොකොට මිල සුස්තරේ .... අම්මෝ ..
සජිත් ආවේ මීට 2015 දී ඔය විදියටම දුෂණය, භිෂණය, නැති කරලා "ආදරණීය පියාණන්" කරපු ඒවම කරන්නනේ. ඒක හරියටම කරා, මහා බැංකුව, විධේශ අත පෙවීම්, වරාය, ගුවන් තොටුපළවල් ඇතුළු වටිනා රාජ්ජය දේපල නොරටුන්ට විකුනද්දී නොදැක්ක වගේම හිටියා,
චමින්දගේ කතාව හරියටම හරි.මෙයා ආවොත් දැන් ඉන්න එක්කෙනාට අන්ත වෙනවා සිකුරුයි .ඒ බව තිස්සට එන්න කීමෙන් ම පේනවා.මේ ය පක්ෂයේ ද්‍රෝහියෝ .ඊයෙම බලන්න 'මම කිසිදු කොන්දේසියකට එකඟ වන්නේ නෑ; මම පඹයෙක් හෝ රූකඩයක් නොවේ' -ඊයේ සම්මුතියකට ආ සජිත් අද වෙනකක් කියයි.මෙහෙම අය ජනපති කමට ඕනෙද?දැන් ඉන්න එක්කෙනා ගෙන් රටම කාපු පරිප්පු මදිද?ලංකාවේ පියවි ඇසින් බලන කල දේශපාලුවෝ යනු පිස්සෝය.
“මම කාගේවත් රූකඩයක් නෙවෙයි.. කොන්දේසි සහිත ගමනකට මම සූදානම් නෑ”ඔබ තුමා මෙහි තේරුම එක්සත් ජාතික පාර්ශිකයන්ට හරියට තේරුම් කර දිය යුතුමයි. එක්සත් ජාතික පෙරමුණක් එක්ක යන ගමනේදී අනිවාර්යෙන්ම කොන්දේසි තිබෙන නිසා පැහැදිලි කරගන්න ඕනේ.
පාර්ලිමේන්තුවේ කොන්ද පන තියන උන් හිටිය නම් රටට මෙහෙම වෙන්නේ නැහැ ඔක්කොම එහෙයියෝඕ.කොන්ද පන එන්නේ බලය නැතිවුනාම .අපි එදා එකට අත උස්සපු එක වැරදි කියල වමනේ කරනවා .
ආපු වෙලාවේ ඉඳලම හෑම කතිකයෙක්ම කරේ ගෝටට අම්මාමෝ නැති වෙන්න බැපු එක ඇර වෙන දෙයක් තිබුනේ නෑ...ලැජ්ජයි...මේවටද චන්ද රැස්වීම් කියන්නේ?...
අං දෙක දමාගෙන ඡන්දය දෙනවනේ... නැටි උස්සන් යනවනේ තණ කොළ අපි කනවනේ.. පුන්නක්කුත් බොනවනේ.. මේ පාරත් දෙනවනේ අපි යූඇන්පී...
ඉන්දියාව, ඇමරිකාව සහ බටහිර කැමති කාටද එයා දිනනවා. චීනය කැමති කෙනාට හොඳ සටනක් තියනවා අවසන් නිගමනය මෙයයි.