(නිමල කොඩිතුවක්කු)
‘සජිත් එනවා’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ තුන්වන රැළිය කුරුණෑගල සත්‍යවාදී පිටියේ හෙට (5) පස්වරු 2.00 සිට පැවැත්වෙන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
කුරුණෑගල ඉතිහාසයේ දැවැන්තම ජන රැළිය බවට මෙම රැළිය පත්වනු ඇතැයි ද අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා අශෝක් අබේසිංහ යන මහත්වරුන් මෙම රැළියේ දී ජනතාව ඇමතීමට නියමිතය.
මෙවර රැළියේ දී එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විවේචනය වන කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීමට තීරණය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවන තෙක්ම සජිත් එනවා රැළි ඉදිරියේදි දිවයින පුරා පැවැත්වීමට සංවිධානය කර ඇති බවත් අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පවත්වන රැළි මාලාවේ පළමු රැළිය අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ සංවිධානයෙන් බදුල්ලේදීත් දෙවැනි රැළිය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංවිධානයෙන් මාතරදීත් පැවැත්විණි.
කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ මහතාට පැවරී ඇත.
COMMENTS
ඕකට ඒ එන ඔක්කොම එකතු කරලා ගණන් හදන්න නම් එපා. කාලෙකින් ඔහේ ජනතාවට විනෝද සමය සමග විවිධ ප්‍රසංගයක් බලන්න බැරිවුණානේ..
මොකටද එන්නේ කියලා කියන්න පුලුවන්ද?
සජිත් එනවෝ... බුදු අම්මෝ පණ බේරගෙන දුවපියෝ.
සජිය ආවොත් මෛත්‍රීට හපන් වෙනවා. ගෙවල් ටිකක් නම් වැඩියේ හැදේ... ජාත්‍යන්තරය සමග නම් හොම්බෙන්ම තමා යන්න වෙන්නේ. මෙයාට සුදුසුකම් මොනවද ජනාධිපති ඉල්ලන්න. කරුණා කරලා මිනිස්සුනේ රැවටෙන්න එපා. රැවටිලා පස්සට ගියා ඇති. මෙදා කල්පනා කරලා වැඩ කරමු. අපටත් හැමදාම රැවටෙන්න බැහැ..
කුරුණෑගල අහිංසක දුප්පත් අය රවට්ටන රැලිය අයෙමත් මිනිස්සු රැවටෙන්නේ නැහැ. හොර රැලට අසු නොවනු ජනතාවනි, උදේ 4 සිට රෑ 12 වෙනකම් වැඩ කරන්න බස් රියදුරෙක් ජොබ් එකක් නෙවෙයිනේ, රටේ ජනාධිපති ලෙවල් එක මොලෙන් කරන වැඩක් අපේ මිනිස්සු මුන්ට රැවටෙනවා. මුහුදුමහා විහාරයට වෙන විනාසේ ඇති සාපවෙන්න. සංස්කෘතික ඇමති වෙලත් බුද්ධාගම විනාශයට අත දෙන ආණ්ඩු අායෙමත් මේ ලක්බිමේ එන්නේ නැත.
රැස්වීම් තියන එකේ වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. අන්න ලොක්කා කියලා තියෙනවා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාපය දිනවා පෙන්නුවොත් අපේක්ෂකත්වය ගැන හිතලා බලන්නම්" කියලා. රනිල් "මම පළාතක්වත් දිස්ත්‍රික්කයක්වත් නෙවෙයි පුංචි ප්‍රාදේශීය සභාවක් දෙනවා. ඇල්පිටියේ ඉන්නෙත් ඔයාගේ පිලේ හොඳම කෙනෙක්. ගයන්ත කරුණාතිලක. ඒ වගේම ඇල්පිටිය කියන්නේ යූඑන්පී බල කඳවුරක්... අද ඊයෙක නෙවෙයි ගයන්තගේ තාත්තා රූපා කරුණාතිලකගේ කාලෙ ඉඳන්. ඒ නිසා මේක සරල අභියෝගයක්. ඉස්සෙල්ලා මේක කරලා පෙන්නන්න... මම ඉතුරු හරිය බලාගන්නම් "කියලා කීවාලු. සජිත් ගැන සමහරු මේවගේ කතා කියනවා " 2014 සහ 2015 පැවති ඌව පළාත් සභා මැතිවරණ කාලයේද සජිත් එජාප නායකත්වය ඉල්ලා නොලැබුණු නිසා එජාප අපේක්ෂකයින්ට කිසිම සහයෝගයක් ලබා දුන්නේ නැත. නමුත් 2015 ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය වූ උෟවේ ජය හරීන් ප්‍රනාන්දුට පාක්ෂිකයින් ලබා දුන්නේය. එදා හරීන් හිටියේද පනින්න ඔන්න මෙන්න කියායි. අද සජිත්ට මෙන්ම හරීන්ටත් මේවා මතක නැත. 2015 ජනාධිපතිවරණ සමයේ ද සජිත් ප්‍රේමදාස කළේ තමන්ට පක්ෂ නායකත්වය නොලැබීමේ කේන්තිය නිසා ආසනයෙන් පිටට අඩියක් නොතියා හිඳීමය. දැන් කරන්න හදන්නෙත් පරණ පුරුදු වැඩේමද?"
එන පොට හොඳ නෑ..!
අපේ රටේ දුගී දුප්පත් 60% ක විතර අහිංසක මිනිස්සුන්ට බොරු පොරොන්දු වරදාන දීලා ආපු හැම ආණ්ඩුවක්ම කලේ රාජ්‍ය ධනය ප්‍රකෝටි ගණන් මංකොල්ල කාලා රට බිලියන ගණන් ණය උගුලක හිරකරපු එකයි කලේ. නමුත් සජිත් මුළු රටම ආවරණය වන පරිදි අහිංසක මිනිස්සුන්ට ගෙයක්දීලා දුප්පතාගේ ජිවිත සුරක්ෂිත කරනවා. මේ සත් ක්‍රියාව වපර ඇහෙන් බලලා හොරුන්ට ආවඩන්න එපා. මොකද හොරු නැවත ආවොත් අපටවත් අපේ දරුවන්ටවත් රටක් ඉතුරු වෙන එකක් නැහැ. අද මුළු රටම සජිත් තමයි ඉල්ලන්නේ...
මොකද තමාට තියෙන ගරුත්වය නැතිකර ගන්නේ? එන එක කොහොම වෙතත් යන්නම වෙයි.
නංගිගෙන් ඉල්ලගෙන, අච්චුගහපු නිල්, කොළ මිටි ටිකකුත් ගෙනත් බෙදුවා නම් තවත් කට්ටිය අද්ද ගන්න තිබුණා.
එන එකෙක් අාපුදෙන් අපිට මොකෝ...?
කව්රු මොනවා කීවත් ජනාධිපති තීරණය වෙන්නේ මුස්ලිම් ජාතිකයින්ගේ ඡන්ද වලින් බව නොරහසක්. ඒ සියලු ඡන්ද මේ වතාවේ හිමිවන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.
O/L පාස්වෙලා එන්න කියන්න.
මෙයා අවොත් රටම ඉවරයි. ඇමති වෙලා සංස්කෘතික අරමුදලෙන්, අනුමැතියක් නැතුව ලක්ෂ 36,000 ක් අරගෙන... ලංකාව නිසාම හොඳයි. වෙන රටක නම් උල තියල මරන්නේ මේ වගේ අයව...
මතු පරපුරට ආදර්ශයක් දෙමින් වැරදි පුර්වාදර්ශ නොදී විනය ගරුක පුරවැසියන් ලෙස රටේ නීතියට සදාචාරයට ශිෂ්ට සම්පන්න බවට සාරධර්මවලට හානි නොවන ලෙස ඒවා ආරක්ෂාවෙන ලෙස සියලු කටයුතු කිරීම මේ රටෙහි සාමාජිකයන් වන ලංකාවේ පුරවසියන්වූ අප කාගේත් පරම යුතුකමයි එසේ නොකරන අය ත්‍රස්තවාදීන් මැරයන් පිස්සන් යනාදී විවද තරාතිරම අනුව නම් කරන අතර ඒ ඒ අයට නිතිය මෙන්ම මනෝ වෛද්‍ය ප්‍රතිකර්මද කරනු ලබයි. මේ ස්වභාවයෙන්ම යම් දේශපාලන පක්ෂයක් හෝ එක් අයෙකුට වැඩි පිරිසක් සාමුහිකව කරන කටයුත්තක්ද කරනු ලබයි. උතුරේ හා දකුණේ එදත් අදත් රටේ නීතියට පටහැනිව ත්‍රස්තවාදය දියත් කල අය පොලිසි හා හමුදා මගින් මර්ධනය කිරීම හා එවැනි අවස්ථාවලදී ජිවිත හානි සිදුවීමද සාමාන්‍ය දෙයක් වන අතර එවැනි හානි අවම කරගැනීම රජයක සදාචාර සම්පන්න බව පිළිබිඹු කිරීමයි. ඒ සඳහාද ජාත්‍යන්තර නීති ඇත. අද සජිත් එනවා කියමින් පක්ෂයේ තීන්දුවකින් තොරව මේ කරගන යන වැඩේ ද අනාගතයට වැරදි පුර්වාදර්ශයක් දෙන පාලනය කල නොහැකි අනාගත තරුණ පරපුරක් බිහිවීමට තුඩු දෙන හිතුවක්කාරව පක්ෂයේ පිස්සු හෝ මැර හෝ ත්‍රස්තවාදී පිරිසක් කරන වැඩක් නොවේද? මොවුන් වැනි පිරිසකට රට භාර දුන්නොත් කුමක් සිදුවේද?