(ඩයනා උදයංගනී)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3600 ක් මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා ගෙන ආ යෝජනාවක්  පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

මෙම විවාදය පැය හතරකට වැඩි කාලයක් පැවති අතර යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය නියෝජනය කරමින් අදහස් දැක්වූයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පමණි.

යෝජනාවට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු 20 ක් පමණ අදහස් දක්වද්දී එය ඉදිරිපත් කළ ඒකනායක මහතා විපක්ෂයේ තනිව අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

එක් අවස්ථාවකදී මුලසුනේ සිටි බිමල් රත්නායක මහතා පැවසුවේ මෙම විවාදය විවාදයක් නොවීම ගැන තමන් කණගාටු වන බවයි.