(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවටත් සිත් තැවුලටත් පත්ව ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නවලට සතුටුදායක පිළිතුරක් ලබා නොදුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස මහතාට ද ලිපියක් යැවූ බව හෙතෙම කීවේය.
කොළඹ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනානායක මහතා ඒ බව කීය.
සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගූ, ඔහුට දෝෂාරෝපණය කළ, සජිත් ප්‍රේමදාස මහතාගේ මාපියන්ට චෝදනා කළ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් පක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කළ සියලු දෙනා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට හඬ නැගූ සහ අරගල කළ පිරිස් පසුපසට තල්ලු වී ඇති බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.
ඊට අමතරව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසු රනිල් වික්‍රමසිංහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ ද? රවී කරුණානායක මහතා යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් හෝ ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේ ද? සජිත් ප්‍රේමදාස මහතා යටතේ රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේ ද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කොටස් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු වාර්තා වන මොහොතක රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ද සහ ඉන් පසුත් ඔහු රැඳී සිටින්නේ ද? යන ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දිය යුතු යැයි ද වසන්ත සේනානායක මහතා කීවේය.
ජනාධිපති ධුරයට පත්වූ පසුව පෙර සිටි දූෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝවෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවලට සහ තනතුරුවලට පත් කරන්නේ ද යන ප්‍රශ්නයට ද සජිත් ප්‍රේමදාස පිළිතුරු දිය යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.
තමාගේ ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා සතුටුදායක පිළිතුරක් ලබා දුනහොත් ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බවට දන්වමින් යැවූ ලිපිය ඉල්ලා අස් කරගන්නා බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දෙන බවත් සේනානායක මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ විජේදාස - 2
සජිත් ප්‍රේමදාස ගැන දැනගන්න හොඳ අත්දැකීමක් මට තියෙනවා 2003දී විතර. ලංකාවම දන්නා නාවල විවෘත විශ්ව විද්‍යාලය පෙනෙන දුරින් තියෙන අකුරු දෙකකින් හඳුන්වන ප්‍රමුඛතම කොන්ත්‍රාත් ආයතනයකින් ඔය කාලේ කළා දික්වැල්ල – බෙලිඅත්ත – තංගල්ල ප්‍රධාන මාර්ගය. සජිත් එකේ වැඩට මෙලෝ දෙයක් බැරි මිනිස්සු සියගණනක් බලෙන් දැම්මා. රියදුරන්, ඔපරේටර්වරුන්, පරීක්ෂකයන් වගේ තනතුරුවලට. පණ අදින වාහන, මැෂින් වැඩට බලෙන් දැම්මා. බලෙන් පස් ගල් අධික මිලට දැම්මා. අන්තිමට ව්‍යාපෘතියෙන් පාඩුව මිලියන් 90 යි. අද නිවාස අධිකාරියට 70ක් ඉන්න ඕනෑතැනට 1400ක් දැමීම පුදුම නැහැ..
මහත්තයෝ, වන සතුන් බලන්න යනවා නම් සල්ලි වියදම් කරගෙන කෙන්යාවට යන්න එපා. ඡන්ද රැස්වීම් තියෙන තැන්වලට ගියානම් මේ ලෝකේ කොහෙවත් දකින්නට නැති සත්තු ඕනෑ තරමක් හොඳට බලාගන්න පුළුවන්...
මේ මනුස්සයා තමන්ගේ මුතුන් මිත්තන්ගේගේ නමටත් කැළලක්. මොන එකකට පක්ෂේ ඇතුලේ තියාගෙන ඉන්නවාද මන්දා......
මෙතුමා ආයෙ පනිනව අනිත් පැත්තට. මඩේ හිටවපු ඉන්නක් වගේ මෙයාලා. අනේ මන්දා.....
පාක්ෂිකයන්ට මෙතුමා ගැන පැහැදීමක් නැති නමුත් අහපු ප්‍රශ්න නම් ඉතා වැදගත්. රනිල්, රවී, බදුර්දීන්, හකීම්ලා එක්ක සජිත් මහතාට දේශපාලනයක් තිබිය යුතු නැහැ.
කියලාවත් කරගන්න බැරි වැඩක්. දේශපාලනයෙනුත් ඉවත් වෙනවාලු. ලක්වැසියන්ට හොඳ අනාගතයක පෙරනිමිත. මේ වාගේ දෙපිට කාට්ටු කිසිම වැඩකට නැති අය නමටත් නින්දාවක්. පරම්පරාවට නිගරු නොදී දැන්ම ගෙදර යන්න.
පොහොට්ටුවට එකතුවෙනවා කියල කෙලින්ම කිව්වනම් හරිනේ. අපි නොදන්න වසන්ත.
මෙයාට පුලුවන් පනින්න විතරයි.. වැඩක් කරන්න තේරෙන්නෙත් නෑ. කරන්න දන්නේත් නෑ. ඡන්දේ ඉවර වෙනකොට මොන පැත්තේ ඉඳීවිද දන්නෙත් නෑ.. ගෙම්බෝ හොඳයි.
පනිනවා...
ඔබ දේශපාලනයෙන් ඉවත්වෙලා ගෙදර යන එකයි සුභ
වසන්ත මහත්තයෝ, අපට සජිත් මහත්තය එපා. වටේ ඉන්න අය කොහොමට වත් එපා. පාස්කු ඉරිදා ප්‍රහාරයට අනියම් ලෙස සම්බන්ධ භයානක මිනිස්සු වට කර ගෙන, චම්පක වගේ අවස්ථාවාදීන් පෙරටු කර ගෙන, රාජිත වගේ අතේ පලවෙන ටොම් පච කියන කට්ටිය, මංගල වගේ රට පාවා දෙන උදවිය සමග මේ රටට ඔහෙලා කරන්න යන වින්නැහිය මේ රටේ මිනිස්සු පරාජය කරනවා සිකුරුයි.
වසන්ත සේනානායක කියන්නේ ඇත්ත. ඔහු උත්සාහ කරන්නේ නිවැරැදි මඟක් ඔස්සේ ඉදිරියට යන්න ක්‍රමයක් හදමු කියලා. සඡිත්ට විරුද්ද වුණ අයට ඇමැතිකම් දෙනවා නම්, සහරාන්ලට සහය දීපු අය එකතු කරගන්නවා නම් සජිත් දිනවීමට කටයුතු කිරීම වැඩක් නැහැ.
වසන්ත සේනානායක මහතාට ප්‍රඥාව නැති බවයි පෙනෙන්නේ. පළමුවෙන්ම දිනන්න ඕනේ ඔය කියන දේ කරන්න. බලය නැතිව කොහොමද ඔබතුමා කියන දේ කරන්නේ ? මෝඩකම පෙන්නන්නේ නැතිව සජිත්ව දිනවලා ඔය ප්‍රශ්නය අහන්න. මේ වෙලාවේ ඡන්ද අඩු කරන්න නෙමෙයි කතා කළ යුත්තේ.....ඡන්ද වැඩි කරන දේ ගැන කතා කරන්න.
උරුමය ලැබෙන තෙක් එහිම රැදී නොසිට අවස්ථාවාදී වීමට යන්නා නිතරම පරාජිතයෙකි. කොහොම වුණත් ශ්‍රි ලංකාවේ දේශපාලනය වලව්වල උරුමයක් හෝ පවුල්වල උරුමයක් නොවිය යුතුය. ජනතාව එය තේරුම් ගත්තේ නම් අදවැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වන්නේ නැත.
පිස්සුද මන්දා?
මෙයාගේ ඉල්ලීම් නම් සාධාරණයි. නමුත් මෙයාව කොහොමද විශ්වාස කරන්නේ? මෙයා පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන්. දැන් මේ වෙනවිට රඹුක්කන ආසනයේ සංවිධායක. මේක තමාට ඡන්ද දීපු පොලොන්නරුව ජනතාවට කරන ලොකු අසාධාරණයක්.
වසන්ත මහතා කියන්නේ දැන් සිදුවන දේගැන සම්පූර්ණ. ඇත්ත. පුංචිම උදාහරණයක් සජිත් මහත්තය අර ඒදණ්ඩෙ ගිය හැටි. මහල්ලෙක් හෝ පුංචි ළමයකු වගේ අත්වාරු අල්ලාගෙන. අත්වාරු තියෙන්නෙ දුබල අයට අල්ලාගෙන යාමට. සජිත් අඩුගානෙ අහලවත් නැතිද පණ්ඩිතයො ඒදණ්ඩෙ ගිය හැටි. නායකය පුංචි ළමයකු නම් රට කොහාට යයි ද ඔය වටේ දැන් එකතුවෙලා ඉන්න හොරු මෙයාට සිනීබෝල ගිල්ල්වල මොනව නොකරගනීද? මේව දකින කොට වැටහීමක් තියෙන් ඕන කෙනකුට ලජ්ජයි අපි මේ කා සමගද ඉන්නෙ කියල. හරි වැරැද්ද පෙනෙන මේ වගෙ ලොකු මුදලකට හෝ වරදාන වලට ගැතිනොවන මේ වැනි වසන්ත මහතා හා මෙවැනිම තීරණගන්නා අනෙක් අයවන පාවෙන ඡන්ද තමයි පවතින අයහපත් රජයන් වෙනස් කරන්නෙ. වසන්ත මම ඔබගේ අදහස් වලට ගරු කරමි. අනෙක අපට රටක් හා ජාතියක් වශයෙන් එකටම ගමනක් යාමට තීරණයක් ගැනීමට තිබෙන අවසන් අවස්ථාවයි මේ.
මේක කාටත් පොදුයි. හැමදාම දුකේදී හිටපු මිනිස්සු අමතක කරලා හතුරුකම් කළ අය ළංකර ගන්නවා. රම්පෙ, කරපිංචා දේශපාලනයේ හැටි ඔහොම තමයි.
ඇමතිකම් දෙන්න අලුත් ආණ්ඩුවක් එන්න ඕනද? දැන් ආණ්ඩුව ලඟදී ඉවරයිනේ. එතකොට ඔය කියන අය ඡන්දෙන් ගෙදර ගියොත් ඇමතිකම් දෙන්නේ කොහොමද ඡන්දේ පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් අරන් මෛත්‍රීපාල ඇණ ගත්තු ඇනිල්ල තව කවුරුත් කරයිද?
මෙයා රාජපක්ෂ අතකොළුවක්... මුදලට වැඩ...
පොල් පැලේ කන්නද යන්නේ?
මෙයා රොනී ද මැල්, විජේදාස රාජපක්ෂලගේ වාර්තාවත් කඩන තරම් පිනුම්කාරයෙක්. කාලෙන් කාලෙට පනින්න හේතුවක් හොයනවා. සේනානායකලගේ පවුලේ කීවට ඉස්පිරිතාලෙදී මාරුවෙලාද මන්දා...
"කැපුවත් අපි මේ පාටෙ තමයි" කියන අයයි කියන්නෙ එහාට මෙහාට පනින ගෙම්බො කියල. එයාලට සමහරු කියනව වහල්ලු කියලත්. ඉතින් වරදක් පෙනෙනවා නම් රට ජාතිය ගැන හිතනවා නම් අරපැත්තෙන් මේ පැත්තට පැනිය යුතුයි. එහෙම නැතිව මේ පවතින රජය හොඳ නැතිනම් වෙන රජයක් පිහිටුවන්න බෑ. පාවෙන ඡන්දවලටත් එහෙනම් අපි කියනවද ගෙම්බො කියල. එයාලගෙ තීරණය තමයි රජයක් වෙනස් කිරීමට මූලිකව හේතුවෙන්නෙ. ඉතින් මේ කාරනාවෙන් වැටහෙනවදනේද ගෙම්බන්ගෙ වැදගත්කම?
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක නාමයටත් නිගාකරනවා...
මෙයාට ඔය ප්‍රශ්නවලට විසඳුම් හොයන්න තිබුණානේ...!!! දිලාන්,එස්.බී., වසන්ත? බැරිවෙලාවත් සජිත් දිනුවොත් අාපහු යූ.එන්.පී..
රට ස්ථාවර කිරීමට පෙර මේ උන්නැහේව ස්ථාවර කරන්න..
හැකි ඉක්මනින් අංගොඩ යවන්න තමයි වෙන්නේ..