(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘‘හදවත‘‘ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සළකුණ වෙනස් කර දෙන්නැයි සජිත් කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා (07) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
අපේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන ලක්ෂයක් වන අතර එහි සභාපතිවරයා ලෙස සේනක ද සිල්වා මහතාත් ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියත් දැනට කටයුතු කරති.
එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර පැවැති මැතිවරණ කිහිපයකදීම තරඟ කළ පක්ෂයකි.
එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය ඉවත්කර ඒ වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිගන්වන ලෙස සජිත් කණ්ඩායම මැතිවරණ කොමිසන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මීට අමතරව එම පක්ෂයේ දැනට භාවිතා කරන ටෙලිෆෝනය ලකුණ වෙනස්කර ඒ වෙනුවට හදවත ලකුණ ලබාදෙන්නැයිද ඉල්ලීමක් කර තිබේ.
COMMENTS
ඉල්ලන්න කලින් හදවතක් තියෙන මිනිස්සු වෙලා ඉන්න එපාය. පසුගිය ජනාධිපති වරණයේ සිට මේ වෙනකල් කරන කියන දේවල් ගැන හිතනකොට මේ කාටවත් "හදවතක්" කියල අවයවයක් තියෙනවා කියල පිළිගන්න එකත් අවුලක් වගෙයි පෙනෙන්නේ.
බයි පාස් එකක් කරලා මදි වෙයි
මැතිවරණයෙන් පස්සේ බයිපාස් කරන්න වේවිද දන්නෑ.
එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා මහා මැතිවරණයට ‘‘හදවත‘‘ ආදරවන්තයින්ගේ ලකුණ යොදාගෙන තිබීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් බොහෝ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකියි.
අනේ මන්දා මේ වගේ ගොන් පාට්... හදවත කෙසේවෙතත් ශරීරය පුරා ආමාශය තියෙන පින්ගුත්තරයන් මොනවද මේ හදවතටත් නිගාකරන විකාර...
පිළිකාවෙන් බේරිලා තියෙන්නේ හදවත විතරයි වගේ...
එජාපෙ වෙනුවට අජාපේ. ආප්පෙටත් කතාකළා නම් එයි.
හදවතම තෝර ගත්තේ ඊට වඩා වැඩක් ගන්ඩ පුලුවන් අවයව ශරීරයේ නැතුවටද ?
හදවත හඬා වැටේ
හදවත ඉල්ලා.... නොලැබුන විටදී... මොකද කරන්නේ?
මොනවා වුනත් රනිල් නැතුව යන එක ඉතා හොඳ දෙයක්.
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ " අලියා " ලකුණට විරුද්ධ වුන පලවෙනි යු.එන්.පී. කාරයා වෙන්න දඟලනවා වගේ. අනේ අනිච්චන්.
හදවතට වැඩිය ගැලපෙන්නේ නැද්ද බට්න් එක ඉල්ලුවනම්. ජනාධිපති ඡන්දෙදි කිව්වේ ඒකෙන් ඔක්කොම කරනවා කියලනේ.
හදවත නැති පිරිසක් ඉන්න පක්ෂයක් ජනතාවගේ හදවත ඉල්ලනවා.
හදවතට එකඟව, පක්ෂ බේධයකින් තොරව, මේ පාර ඡන්දෙ ඉල්ලන කසිප්පු කාරයින්ටයි, මදාවියන්ටයි, ධාමරිකයන්ටයි, හොරුන්ටයි, වංචා කාරයින්ටයි කොහෙත්ම ඡන්දෙයක් දෙන්න බැහැ. එහෙම ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට ඇරියොත් රටට නම් කිසිම දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ‘අලියා’ ලකුණට විරුද්ධ වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය එජාප ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස වගේම ආදරවන්තයින්ගේ දිනය ලං වෙද්දී හදවත සටන් මගකට එලිබැස්සවීම ලෝක ඉතිහාසයයෙත් කළු පැල්ලමක් ලෙස සටහන් වනු ඇත.
හදවත ලකුණ වෙනුවට මොලේ ලකුණ දැම්මනම් හොඳයි. එතකොට තේරෙයි මොලය කියලා එකකුත් තියෙන්න ඕන කියලා. හැබැයි මේ අයගේ මොලේ තියෙන්නේ කොතනද කියන සලකුණ නම් දාන්න එපා.
ගොන් පාට්. එහෙන් රනිල්, දැන් මෙයත් පටන්ගත්තා.
ඔන්න පුතෝ වරද්දගත්ත තැන. ඔය හදවත වයසක අපි සමහර අයට නම් පෙනෙන්න බෑ මොකද අපි තරුණකාලෙදි ඕකට රැවටිලා දැන් අමාරුවේ වැටිලා. ඒ නිසා වසක හැමෝගෙම ඡන්දෙ බලාපොරොත්තුවෙන්න නම් එපා.
"හදවත ඉල්ලා නොලැබුන විට දී දහසක් සිතිවිලි මා හද තුල තෙරපි ..... කෙලෙසක හෝ අමතක කරමි. "හිස් තැනට යු .එන්.පි.දාගෙන ගිටාරේ තත ගෙන ගැයුවොත් නරකද ඔය හදවත් ඉල්ලන තෙමේ .....
ලකුණ කෙසේවෙතත් වෙනම ඉල්ලනවානම් එක හොද තීරණයක්. මොකද දෙගොල්ලන්ටම බලාගන්න පුළුවන් තම තමන්ගේ තරම. කොහොමත මේ ඡන්දය පොහොට්ටුව දිනන නිසා වෙනම එල්ලලා තමන්ගේ බලය තහවුරු කරගන්න බලන්න 2025 ටවත්.
නිකන් විහිළු සපයන්නේ නැතිව ඉන්න විපක්ෂ නායකතුමනි.
රන්ජන්ගෙන් අහන්න හොඳ ලකුණක් යෝජනා කරයි.
සජිත් ජනාධිපතිවරණය කාලෙත් කථා කලේ හදවතින් තමයි. අදටත් කරන්නේ අනුන්ගෙන් කොපි කරගෙන මිසක් තමන්ගෙ කියා දෙයක් නැත. පපුවට ගසාගෙන මම තරම් අවංක කෙනෙක් නැත කීවාට මොලේ ඇති මිනිසුන්ට තේරෙනවා මොහු කවුද කියා.
හදවතත් දේශපාලනයට ගාවගත්තනම්, දැන් ආදරය කරන කට්ටිය තමයි බය වෙන්න ඕන. ඔබ මගේ හදවත කියන්න බය වී.
එදා මෙදා තුර කුමන ප්‍රශ්න ආවත් රනිල් නිසා එජාපය රැකුණා. පරිනත නායකයකුගෙන් ගත හැකි ආදර්ශ ඉගෙන ගෙන නිවැරදි මාවතක ගමන් කරන්න.
බුදුන්ට පුදන පොහොට්ටුව පක්ෂ ලකුණට ගත්තනම් හදවත ගත්තම දොකද වෙන්නේ? ඒ හදවතට ජනතාවගේ හදවත තේරුම් ගැනීමේ ශක්තිය අනිවාර්යයයෙන්ම තියෙනවා.
සජිත් කවදාවත් රටේ නායකයා වෙන්නේ නැහැ. බලමු කොච්චර කල් බොරුව කරන්න පුලුවන්ද කියලා ?
රනිල් මහත්තයා නැතුව කරයි......
ඔබ තැනගේ පියාව ඝාතනය උනාට පස්සේ අරාජික වෙන්න ගිය රට, විජේතුංග මැතිතුමාව ජනාධිපති පුටුවේ වාඩි කරලා රට අරාජිකත්වයෙන් බේරා ගත්තේ අපේ රනිල් මහත්තයා නේද? අනේ මන්දා.
හදවත කොහොම වෙතත් මස් රාත්තලම ඉල්ලන බවයි පෙනෙන්නේ.