IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සුචී පාසලේ විදුහල්පතිනියගේ මරණයට අධ්‍යාපන බලධාරීනුත් වගකිවයුතුයි

තරිදු ජයවර්ධන
 
අධ්‍යාපන අමාත්‍යංශයෙන් ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා සංවිධානය කළ ස්වයං හා ආයතනික විනය සහ නායකත්වය පිළිබඳ පුහුණු වැඩමුළුව සඳහා ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයේ සිට සියලු කටයුතු නිසි ලෙස ඉටුවී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාවෙන්  කළ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ. 
 
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ඇද වැටී මරණයට පත්වූයේ මෙම පුහුණු වැඩමුළුව  අතරතුරදීය.  විදුහල්පතිනියගේ මරණය හදිසි අනතුරක් වුවද  එම පුහුණුව සැලසුම් කිරීමේ සිට මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම සහ එම පුහුණුව සංවිධානය කිරීමේදී අදාළ නිලධාරීන්ගේ නොසැලිකිලිමත්කම, නොදැනුවත්කම සහ වගකීම් විරහිත බව ආදී කරුණු එම විදුහල්පතිවරියගේ මිය යාමට වක්‍රාකාරව බලපා ඇති බව ද විමර්ශන කණ්ඩායම නිගමනය කර තිබේ.
 
විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ ද    විමර්ශනයේ වාර්තාව   නිකුත් කර නොතිබිණි.  ඒ සම්බන්ධයෙන්   තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයකින් පසු   එම එම වාර්තාව නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය. 
 
එම වාර්තාවට අනුව   ජාතික පාසල් විදුහල්පතිවරුන් සදහා පැවැත්වූ නායකත්ව වැඩමුලුවේ සෑම කටයුත්තක්ම පාහේ සිදුවී ඇත්තේ නිසි ක්‍රමවේදයට අනුව නොවේ.  පුහුණුව ලබාදීම සදහා ආයතනය තෝරා ගෙන ඇති ක්‍රමවේදයද ගැටලු සහගත බව එම විමර්ශන වාර්තාවේ සදහන් වේ. 
 



අදහස් (4)

සුචී පාසලේ විදුහල්පතිනියගේ මරණයට අධ්‍යාපන බලධාරීනුත් වගකිවයුතුයි

Jaya Thursday, 04 April 2019 02:25 AM

මේ රටේ නිසි ක්‍රමවේදයකට සිදුවෙනෙ එක දෙයක් කියන්න බලන්න. මොකුත්ම නෑ.

:       43       37

කුමාර Thursday, 04 April 2019 02:55 AM

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෑත කාලයේ සිදුකළ බොහෝ ව්‍යාපෘති අසාර්ථක වී ඇත. ඒ බොහොමයක් සඳහා හේතු වී ඇත්තේ නීත්‍යානුකූල නිසි ක්‍ර‍මවේදය අනුගමනය නොකර ඇමතිවරයාගේ සහ නිලධාරීන්ගේ උවමනාව මත පමණක් කටයුතු කිරීමයි. මෙහි වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ අහිංසක ජනතාවටයි. සැමදාම සිදු වූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම යි. ව්‍යාපෘති අතරතුර නිසි අධීක්ෂණයක් සිදු කරමින් නිවැරදි දේ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමකි. සියල්ල අවසන් වූ පසු වසර ගණනාවක් විමර්ශන පවත්වා වාර්තාවක් එලි දැක්වීමෙන් රටට හෝ කිසිවෙකුට සෙතක් නොවේ.

:       32       39

ගමරාල Thursday, 04 April 2019 08:02 AM

වර්තමානයේ පළපුරුද්ද හා පුහුණුවට වඩා සලකන්නේ අධ්‍යාපන සහතිකයටවීම මෙයට ප්‍රධානම හේතුව ලෙස මම දකින්නේ. වර්ථමාන රාජ්‍ය සේවයේදී ලකුණු දෙක තුනක් මදිවීමත් අයහපත් ආර්ථික තත්වයත් නිසා රජයේ තනතුරකට පත්ව වසර 30 ක හෝ 35 ක පුහුණුව හා පලපුරුද්දක් තිබුනත් උපාධියක් ලබා එදිනම පත්වීමක් ලද අයෙකුට සැලකිල්ල වැඩියි වැඩිමහලු බවවත් සලකන්නේත් නැහැ. මෙවැනි තත්වයන් තුල මෙවැනි ක්‍රියාවන්ගැන පුදුම විය යුතුත් නැහැ.

:       5       141

නුවන් Thursday, 04 April 2019 11:51 AM

කොරියානු පුහුණු වැඩසටහනේදී ලබාදෙන අමානුෂික පුහුණුව ගැනද රජය අවධානය යොමු කල යුතුය. පුහුණුකරුවන්ගේ අසාධාරණ ක්‍රියා හේතුවෙන් මේ වන විටත් ජීවිත අහිමිවී අවසානයි..

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site