
(නිමන්ත රණසිංහ)
දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේ වසා දමා ඇති කාලය තුළ දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජය පියවරගෙන ඇත.
ඒ අනුව හෙට 25 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත.
නැවත හෙට රාත්‍රී 11.00 සංචරණ සිමා පනවන අතර එය 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචණ සීම නැවත ලිහිල් කරන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදේ. ජුනි 4 වැනි දා ද ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බව ද රජය කියයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ළඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යාමට අවස්ථාව ලබා දී ඇති බවත් රථවාහනවලින් ගමන් බිමන් යාමට අවස්ථාව ලබා නොදෙන බව ද රජය නිවේදනය කරයි.
මේ දිනවල සංචරණ සීමා ඉවත් නොකරන බවත් එය යම් තරමක ලිහිල් කිරීමක් පමණක් සිදු කරන බව යුද හමුදාපතිවරයා සඳහා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේ දැන් මත්පැන් පෙරීම ගැන සුදුසුකම් තිබෙන දේශපාලකයෙකු රූප පෙට්ටියේ කෝවිඩ් පාලනය ගැන මහා දැනමුත්තා වගේ ජනතාවට පාඩම් කියා දෙනවා. ඇති තරම් බඩු මුට්ටු ගෙනිහින් ගෙදර තියාගන්නලු. මෙයා හරියට නොමිලේ දෙනවා වගේ තමයි කතාව. අර ගියවර දුන්නු පිටරට වලින් ලැබුණු ආධාර මුදල්වල ඉතිරි ඒවායින් සහ මෙවර හමුවූ ආධාර මුදල් යොදවා මේ වෙලාවේ අසරණ වී සිටින ජනතාවට පොදුවේ කෑමට ආහාර ටිකක් දෙන්න.
අපේ ෆිනෑන්ස් ණය ඒවටත් සංචරණ සීමා දාන්නේ නැද්ද?
අපි තමයි හොඳටම කලේ...
සෞඛ්‍ය ඇමැතිවරු කෝ? ආරක්ෂක ප්‍රධානීන් සහ මාධ්‍ය ප්‍රකාශක කෝ? ජොන්ස්ටන් කවුද?
හෙට ගෑස් එක කරේ තියන් ගෙදර එද්දී කොහොමද ගැම්ම...!!!
ලයිට් බිල්, වතුර බිල් රතු පාටින් එවනවා දවස් 14 න් ගෙවන්න කියලා !!! - ෆිනෑන්ස් සමාගම් කෝල් කරනවා! - බැංකු කථා කරලා කියනවා.. ණය ගෙව්වේ නැත්තම් නම බ්ලැක් ලිස්ට් කරනවා කියලා, එදිනෙදා හම්බ කරලා කන අපි අසරණයි!.. රට වහන්න අවශ්‍ය නම් ඒක කළ යුතුයි..! ඒත් එක්කම රට පාලනය කරන්න කවුරුන් හෝ රටේ පාලනය ගැන සංවේදි වෙන්න.. රට පොදු අරමුණක් සඳහා සංවිධානය කරන්න..! දැනට අරාජික රටේ වගකීම අරගෙන රටේ කලමණාකරනය සහ පරිපාලනය ක්‍රමවත් කරන්න. රටේ සම්පත් නිසි සේ බෙදා ගනිමින් ද නීති-රීති රෙගුලාසි ජනතාවට සෙතක් සේවයක් වෙන විදියට ක්‍රියාත්මක කරන්න.
වෙනස සැපද?
අපිට කවදාද 5000 දෙන්නේ නැවත... අපේ ආණ්ඩුවට ඕනෑතරම් සල්ලි තියෙනවනේ.. ඕක මාස ගාණක් වහලා අපිට හැමදාම සල්ලි දෙනවද?
උගත් කමක් නැති වැදගම්මක් නැති මෙහි පාලකයන් පත් කරගත්ත අපිට තමයි මේ ඔක්කොම... නුඹලාට මෙහෙම වෙලා මදි...
ඇයි මේ ජනතාව මුලා කරන්නේ? බූරුවා බල්ලාගේ වැඩේ බාර අරගෙන... ගමේ කඩේට සෙනඟ පිරිලා බඩු ඉවර වුණාම වාහනයක් නැතුව බඩු ගන්න යන්නේ කොහොමද? මගේ මව්බිමට දෙවියන්ගේ පිහිටයි...
සර් නම් උඩින්ම පාස්වෙලා... දෙයියෝ සාක්කි..!!!
ජල සම්පාදන මණ්ඩලයේ, විදුලි බල මණ්ඩලයේ අපිත් කැමතියි ගෙදර ඉන්න. අපි වැඩට යන්නේ අපේ සේවාවන් නැවතුනොත් කිසිම විරුවෙකුට ඔවුන්ගේ වැඩ කරන්න බැරි වෙන හින්දා. මාසයක් ගෙදර හිටියත් මැරෙන්නේ නැතුව කන්න බොන්න අපට පුළුවන්. විදුලි ජලය සේවාවන් කඩා වැටුනොත් වෙන්ටිලේටර් නැවතයි. බොන්න අත් සෝදන්න බැරිව මුළු රෝහල් පද්ධතිය ක්ෂණිකව නවතියි. පැය ගාණක් කොරෝනා ඇඳුම් ඇඳගෙන ඉඳලා සෞඛ්‍ය, නැත්නම් ආරක්ෂක නිලධාරීයෙක් ගෙදර යනකොට විදුලිය, ජලය නැත්නම් මොනවා වෙයිද? කොරෝනා හින්දා නොවෙයි නිකන් මැරෙන්න වෙන්නේ... ඒ වගේම රෝහල් වලට වඩා කොච්චර රෝගීන් ගෙවල්වල ඉන්නවද?. අපිත් මිනිස්සු අපිත් කොරෝනා හැදෙන්න පුළුවන්. කාට හරි අපි පුරුදුවෙලා කරන වැඩ කරන්න පුළුවන් නම් කරලා බලන්න. අපි විරුවන් නොවුණාට ඉල්ලන්නේ වැක්සීන් එක දෙන්න. නොගත්ත අයට පළමු එක ගත්ත අයට දෙවැනි එක දෙන්න. අත්‍යාවශ්‍ය සේවාවල ඇස්ට්‍රාෙසනෙකා ගත්ත අයට දෙවැනි එක දෙන්න. තවත් කල් මරනවා නම් ප්‍රතිඵල ලැබෙනකොට අදට වඩා ගොඩක් දුක්විඳින්න වෙයි. ආර්ථිකය නොසිතූ විදිහට කඩා වැටෙයි. ඒක හින්දා පවුල්වල අයට දෙන එන්නත් කරණයට පෙර අත්‍යවශ්‍ය සේවාවල වැඩකරන මිනිස්සු දිහා බලන්න...
මේ කොරෝනා වැඩි කරන කතාවක්... මිනිස්සු තමන්ගේ වාහනේ අරන් ගිහින් බඩු ටික දාගෙන එයි. අනෙක ගමේ කඩේ බඩු ගිනි ගණන්... සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ගිහින් බඩු ගන්න අවස්ථාව දෙන්න. සිල්ලර කඩ, ෆාමසි සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ස්ථාන පමණක් විවෘත කරන්න. මේවා විහිළු කතා... දැන් ඔය කියන විදිහට දොස්තර මහත්තයා පයින් ගිහින් බඩුගන්න ඕනේ..
වෙනස සැපද බයියනි
අත්‍යාවශ්‍ය භාන්ඩ ගන්නලු. ආදායමක් නැතුව.
ඔය එක බයියෙක්වත් අපේ අදහස් බලන්නේ නැහැ.