(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

කොළඹ පිටකොටුව ,කොටුව ,කොටහේන ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත්වන ජනතාව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පොදු වෙළඳසල් ,ජංගම වෙළදසල් ඇතුළු කඩ සාප්පු අසල රැදී සිටින අයුරු අද (13) උදෑසන සිටම දැකගතහැකි විය.

අද(13) රාත්‍රියේ සිට ලබන සඳුදා උදැසන දක්වා දිවයින පුරා   සංචරණ සීමා පනවා ඇති   බැවින් කඩසාප්පු විවෘත කිරීම ද  මුළුමනින්ම තහනම් බව පොලීසිය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙවැනි තත්තවයක් මතුව තිබේ.

පිටකොටුව 05 වැනි හරස් වීදියේ පොදු වෙළඳපොලේ අතිවිශාල ජනකායක් රැදී සිටියේය.

වේල්ලවීදිය පොලීසියේ මෙහෙයවීමෙන් ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගනිමින් ජනතාව දැනුවත් කිරීමක් ද කළේය. 

පුද්ගලික බෙහෙත්හල් අසල දිගු පෝලිම් ද දැකගතහැකි විය.

(ඡායාරූප  රොමේෂ් ධනුෂ්ක සිල්වා)