
( තිළිණි ද සිල්වා )
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලිබිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට මෙම වසරක සහන කාලය ලබාදෙනු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා මේ වසරේ මාර්තු 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා සමුච්චිත විදුලි බිල්පත්, සැප්තැම්බර් 1 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.
එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ද විදුලිබල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇති අතර ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලු ම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයිද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇත.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග අසරණ වෙලා ඉන්න අපෙන් හෙනගහන ගාණක් ගන්නවා. ඒ මදිවට ඔවුන්ට තව සහනත් දෙනවා. නුඹලාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා හෙණම ගහන්න ඕනේ... ආණ්ඩුවෙනුත් කරන්නේ ව්‍යාපාර කරගෙන යන්න හෝටල් ටික පුරවා ගන්න අසරණ වෙලා ඉන්න පිටරට සේවකයින්ගෙන් හෙනගහන මුදලක් අය කරන්නේ... පවුල් එක්කම මකබෑවිලා යන්න ඕනේ...
තුෂාර මහත්තයා මැදපෙරදිග සිටින අපේ සහෝදර, සහෝදරියෝ ගෙන්වාගන්නේ නැති එකට මමත් ඔබ සමග එකඟයි. නමුත් ඔය සහන ලැබෙන්නේ සංචාරක මණ්ඩලේ ලියාපදිංචිවුණු තරු පන්තියේ හෝටල් අතලොස්සකට පමණි. සුළු සහ මධ්‍ය පරිමාණයේ හෝටල් විශාල සංඛ්‍යාවකට ඕවා ලැබෙන්නේ නැහැ. දැනටමත් ඔවුන් ඔවුන්ගේ විදුලි බිල් ගෙවා ඇත.