(කාංචන කුමාර ආරියදාස)
අලුත් රටවල් වලින් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක ආර්ථික සංවර්ධන ඉලක්ක ගත කරගෙන තිබෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
දඹුල්ල දබුලුගම පිටියේ අද (08) පැවැති ජනහමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් , හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම රැළිය සංවිධානය කැ තිබුණි.
සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන බවත් ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සංචාරක දියුණුව ඇති කිරීම සඳහා ආගමන විගමන අංශ දියුණු කිරීම , ගුවන්තොටුපොළවල් තවදුරටත් දියුණු කිරීම , තම රජයක් යටතේ මැදිහත්ව කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ආර්ථිකය දියුණු කරනවාත් සමඟ දේශීය ලොකු ලූණු සඳහා ස්ථාවර මිලක් ලබාදීමටත් දඹුල්ල සහ ලොකු ලූණු වගා කරන ප්‍රදේශ රටටම අවශ්‍ය ලොකු ලූනු වගා කරන බල ප්‍රදේශයක් බවට නම් කරන බවත් හෙතෙම පැවැසීය.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බවත් සමෘද්ධී නොමැතිව අසරණ කම්කරු සේවයක් සිදු කරමින් ජීවත්වන පවුල් වල අයට ආබාධිත පවුල් වලට සහනයක් වශයෙන් මාසිකව වියළි ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම රැස්වීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, රෝහිත අබේගුණවර්ධන මහතා, උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවංශ මහතා මෙම රැළියට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
413
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යනවා‘‘