( තිළිණි ද සිල්වා)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු දහසකට ආසන්න පිරිසකට අද (10) දිනයේ සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබා දුන් බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී‍.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සේවක සේවිකාවන් 500 දෙනෙකු, සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක රියැදුරන් සහ සෆාරි රියදුරන් 150 ඇතුළුව දහසක පමණ පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීම ස්ථාන හතරක දී සිදු කෙරුණු බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින තංගල්ල නගර සභා ශාලාවේදී , තංගල්ල අනන්තාරා හෝටලයේදී , තිස්සමහාරාම ඩබල් ට්‍රී හෝටලය , හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේදී ( සෆාරී රියදුරන් සදහා) සංචාරක ක්ෂේත්‍රයේ නියැළි පිරිස් හට මෙම එන්නත් ලබා දීම සිදුවිණි.සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ලක්ෂ පහකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මෙම එන්නත් කරණය සිදු කළේය.