IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංචාරක ඇමැති මත්තල ගුවන්තොට බලන්න යයි

(දිලීප්  ජයසේකර)

 

මත්තල ගුවන්තොටුපොළ හරහා අපනයන සංවර්ධන හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් අද (30) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වූහ.

මේ සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ,තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ගුවන් සේවා හා අපනයන සංවර්ධන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන අමාත්‍යවරු එක්ව සිටියහ.

මෙහිදී මත්තල ගුවන් තොටුපොලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටත් හා දේශීය අපනයන භාණ්ඩ මත්තල ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවලට අපනයනය කිරිමටත් අවධානය යොමුකර තිබේ.

මේ අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති,පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් රාජපක්ෂ, හම්බන්තොට දිසාපති ඩබ්ලිව්.එච්.කරුණාරත්න,ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර, මත්තල ගුවන් තොටුපොළ කළමණාකරු උපුල් කලන්සූරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

සංචාරක ඇමැති මත්තල ගුවන්තොට බලන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site