IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘‘සංචාරකයන් ගෙන්වීම සෞඛ්‍ය උපදෙස් අනුව‘‘

( තිළිණි ද සිල්වා )

වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරියටම පවත්වා ගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේම කොවිඩ් ආසාධිතයින්ගේ වැඩිවුවද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද කී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

එම ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාවට නංවා , හැකි උපරිමයෙන් කොවිඩ් පාලනයට සහාය දක්වන ආකාරයෙන් සිදු කිරීමට වගබලා ගන්නා බවද හෙතෙම කියයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් සංචාරකයන් ගෙන‍්වූයේ ආරක්ෂිත ක්‍රමයකට අනුව බවත් ,ලංකාවට පැමිණි සංචාරකයෙක් ආසාධිතයෙක් නම් ඔවුන් සමාජගත වීම වැලැක්වූ බවය.

කෙසේ නමුත් මේ වනවිට සංචාරක පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙන බවද සංචාරක අමාත්‍යවරයා පවසයි.

 



අදහස් (6)

‘‘සංචාරකයන් ගෙන්වීම සෞඛ්‍ය උපදෙස් අනුව‘‘

Nuwan Monday, 26 April 2021 05:32 AM

රට කොච්චර අහේනියට පත්වෙලා කියනවානම් මේ මිනිස්සුත් තමන්ගේ බඩ වියත ගැන කවදාවත් නැතිව දඟලනවා

:       0       1

siri Monday, 26 April 2021 07:50 AM

ලංකාවට වැඩිපුරම සංචාරකයින් පැමිණෙන රටක් තමයි ඉන්දියාව. ලෝකයටම ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දැන් පවතින ඉතාම අවාසනාවන්ත තත්වය ගැන සැලකිල්ලට ගත්තොත් හොඳයි ඇමතිතුමෝ. ඡන්දෙට කලින් " අපි බලයට ආවාම ආර්ථිකය නංවන හැටි කියලා දෙන්නම්" කියලා කයිවාරු ගැහුවට දැන් අත්‍යාවශ්‍ය බෙහෙතක් ගෙන්වා ගන්න මහජනයාට කන්න දෙයක් ගෙන්වා ගන්න තුට්ටුදෙකක් වත් අතේ නැතුව රට හිඟමනට වැටිලා ඉන්නවා කියලා එන්න කැමැති හැමකෙනෙක්ම ගෙන්වා ගන්න එකත් භයානකයි...

:       1       9

Nandana Monday, 26 April 2021 08:24 AM

යන්න මහත්තයෝ යන්න... මාර හදිස්සියක්නේ තියෙන්නේ සුද්දන්ව ගේන්න.

:       0       0

ranjith Monday, 26 April 2021 10:09 AM

සුද්දන්ගෙන් සල්ලි හොයන්න ගිහින් තමයි මේ විපත්තිය..

:       1       0

de silva Monday, 26 April 2021 12:08 PM

සාමාන්‍යයෙන් මැයි මාසය යනු ලංකාවට සංචාරකයන් ඉතා අඩු ප්‍රමාණයක් පැමිණෙන මාසයයි. එමනිසා සංචාරක බුබුල මැයි මාසය තුළ සම්පූර්ණයෙන්ම අත්හිටුවලා, ජුනි මාසයේ සිට කොරෝනා පැතිරීම අඩු රටවල් කිහිපයකින් පටන්ගෙන සංචාරක බුබුල ක්‍රමයෙන් නැවත වර්ධනය කර ගන්න. ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න.

:       0       1

de silva Tuesday, 27 April 2021 05:41 AM

ඉන්දියන් කාරයන්ට දැන් කෙලින්ම ලෝකයේ අනිත් රටවලට යන්න බැරි නිසා මෙහෙ නිරෝධායනය වෙලා පිටරට යන්න හදනවා මේක ඉතාම භයානකය... කරුණාකර ඉන්දියාවේ සිට එන සංචාරකයන් නවත්වන්න එහෙම කරන්න බැරි නම් මුළු සංචාරක බුබුලම නවත්වන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site