IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සිඟමනෙන් ලැබූ මුදලින් යාචකයෙක් දන්සැලක් දෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් අද (17) පවත්වා ඇත.
 
මාතර මහ නගර සභාව ඉදිරිපිටදී මෙම දන්සල පැවැත්වූයේ අප්පුහාමී නැමැති 75 හැවිරිදි යාචකයෙකි. පදික වෙළදාමේ නිරත තරුණයෝද ඔහුට සහයෝගය ලබා දුන්හ.
 
රුපියල් 40,000ක පමණ මුදලක් වැය කර මෙම දන්සල පැවැත්වූ බව අප්පුහාමී මහතා පැවසීය.
 
ඒ පිළිබඳව අදහස් දැක්වූ අප්පුහාමී මහතා මෙසේ කීය.
 
“මගේ ගම මතුගම. බිරිඳ මා හැර ගියාට පසු සිඟමන් යදින්න පුරුදු වුණා. මාතර නගරයට මම ඇවිත් අවුරුදු 13ක් පමණ වෙනවා. දැන් මාතර මට මගේ ගම වගේ. ඒත් මට රෑට ඉන්න තැනක් නැහැ. දෙවිනුවර පේමන්ට් එකෙයි රෑට නිදාගන්නේ. දවසකට මට රුපියල් 2,000ක් විතර ලැබෙනවා. රුපියල් 300, 400 එකතුවෙන දවසුත් තියෙනවා. මම ඒ මුදල් එක්තරා වෙළඳ මහත්තයෙක්ට ආරක්ෂාව සඳහා භාර දෙනවා. ඒ ආකාරයට එකතු වූ මුදල්වලින් තමයි මේ දන්සල දුන්නේ.
 
ගිය අවුරුද්දෙත් මම රෝස්පාන් දන්සලක් දුන්නා. ලබන අවුරුද්දේ බත් දන්සලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම දවසකට පූසන් හා බල්ලන් 100ට විතර කන්න දෙනවා. එහෙම දන් දීලා ප්‍රාර්ථනාකරන්නේ ලබන ආත්මයේ යාචකයෙක් වෙලා උපදින්න එපා කියලයි. අවුරුද්දක්ම මට සල්ලි දෙන ජනතාවට යුතුකමක් විදියට මම මේ දන්සල දෙනවා.”

 

 

 

 

 



අදහස් (28)

සිඟමනෙන් ලැබූ මුදලින් යාචකයෙක් දන්සැලක් දෙයි

Raveendra Monday, 17 June 2019 02:13 PM

ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ධ වේවා!!!

:       5       456

dias Monday, 17 June 2019 02:29 PM

අනේ සීයේ ප්‍රාර්ථනා කරන්ට මේ අලකලංචි රටේ ආයෙමත් නොඉපදේවා යයි කියා...

:       241       1772

chandima Monday, 17 June 2019 02:30 PM

මෙතුමාගේ උතුම් ක්‍රියාවට අපගේ ප්‍රශංසාව සහ ගෞරවය පුද කරමි. ඕක කලින් දැනගත්තා නම් අපේ නියෝජිත උත්තමයෝ ඔතැනත් ඇවිත් මුහුණ පෙන්නලා පොටෝ එකක් ගහලා පත්තරවල නැතිනම් පාසල් පෙළ පොත් වලට දාගන්නවා.

:       137       1005

ශ්‍රීMonday, 17 June 2019 04:46 PM

අපෙන් බලෙන් සූරකාලා අපට නොදී භුක්ති විඳින අර අයට වඩා ඔබ නම්බුකාරයි..

:       1       491

S. Rathnayake Monday, 17 June 2019 02:54 PM

අද කාලේ ඔබ වැනි මහත්මා ගතිගුණ ඇති පුද්ගලයන් සොයා ගැනීමට අමාරු යුගයක ඔබ කල දේ හිස නමා ආචාර කරමි... අගයමි. ඔබට ඔබේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා සහ ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා...!!! කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි.

:       1       363

Manoj Perera Monday, 17 June 2019 04:50 PM

ඔබ මේ භාවයේ ලැබූ උතුම්ම අවස්ථාව මනුෂ්‍යත්වයයි. පෙර කල අකුසලය ඔබ දුප්පත් වීමට හේතු වුනත් පියාණෙනි ඔබ තමන් උපයා සපයා ගත් දෙයින් කල පිනෙන් ඔබට නැවත බොහෝ කලාපයන්හි දෙව්,මිනිස් සම්පත්තිය ලැබෙනවා ඒකාන්තයි. නමුත් පියාණෙනි, ඔබ දක්ෂ වන්න නොනිමි මේ සසරේ නොපමාව ඔබ කල කුසල් මෙනෙහි කරමින් , වීර්යයෙන් මාර්ග ඵලයකට හෝ පැමිණෙන්න. ඔබ මිනිසුන්ගෙන් සිඟමන් ලැබුවා යන වචනයට වඩා, ඔබ මිනිසුන්ගෙන් ලත් මහඟු ආධාරය , හිතේ පාරිශුද්ධභාවයෙන් දානයක් ලෙස සකස් කොට දීමෙන් ඔබ ලැබූ ඉමහත් සතුට සහ කුසල සිත ඒකායන වශයෙන් නිවන් මගටම යොමු වේවා. ඔබට තෙරුවන් සරණයි

:       6       697

nandanaMonday, 17 June 2019 09:08 PM

ලංකාවේ තරම් පිරිත්, බන දහම් අසා, දන් පුජා කරන පිරිසක් ලෝකයේ වෙන කිසිම රටක නැතුව ඇති. එහෙත් යාචකයින්, හිසට වහලක් නැති උදවිය, තුන් වේල සොයා ගත නොහැකි මිනිසුන් එමටයි. මෙයින් පෙනී යන්නේ රටක යාචකයින් බිහි වන්නේ පෙර කල අකුසල නිසා නොව, පුරවැසියන් සියලු දෙනාටම රටේ ආර්ථිකයට එකසේ දායක වීමට අවස්ථාවක් නොතිබීමයි. රටක ආර්ථිකයට සියලු දෙනා දායක වී, ජීවත්වීමට සරිලන වැටුපක් ලබා ගන්නා ක්‍රමයක් ඇතිවෙන තාක් කල් රටේ යාචකයින් බිහි වෙනවා ඇති.

:       3       64

RoshanTuesday, 18 June 2019 07:23 AM

ඇමරිකාවෙත් හිගන්නො ඉන්නවා.

:       4       16

upaliTuesday, 18 June 2019 03:03 AM

මේ කොමෙන්ට් එකටත් ඩිස්ලයික් කල අය ඉන්නවා .. පුදුමයි ..!!!

:       1       24

AmalTuesday, 18 June 2019 04:43 AM

ඔව් පින් පව් විශ්වාස නොකරන අයත් ඉන්නවානේ. සියල්ල සිදුවෙන්නේ වෙනත් විදියකට කියලා.

:       1       11

nandanaTuesday, 18 June 2019 08:49 AM

පින් පව් විශ්වාස කිරීමේ වරදක් නැහැ. නමුත්, සියල්ල සිදුවන්නේ පෙර කර්මය නිසා යයි සිතීම අනුවන කමක්.

:       1       0

BuddhikaWednesday, 19 June 2019 03:05 AM

මා දුටු උසස් අදහසක්, නියම ධනාත්මක බව ගැබ්ව තිබේ යැයි සිතමි, එම මහත්මයාගේ සත් ක්‍රියාව පමණක් නොව ඔබේ මෙම උතුම් අදහස දැක සතුටු වන්නට හැකි සිතක් තිබීම ගැන මම සතුටු වෙමි, ඔබට හා ඔබේ දෙමුපියන්ටත්, ගුරුවරුන්ටත්, ගුරුහරුකම් දෙන අයටත් යහපතක්ම වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! වැරදීමකින් මෙය අලුත් අදහසක් ලෙස පලකෙරුන, මෙය මනෝජ් මහත්මයාගේ අදහස දැක දැනුනු සිතුවිල්ලකි.

:       0       0

Mahee Monday, 17 June 2019 08:29 PM

ටයි කෝට් දාගෙන ලෝකේ පුරාම හිඟමනේ යන අපේ මැති ඇමතිලාට, ත්‍රස්ත ප්‍රහාරය හින්ද අපට කෝටි ගණනක ආධාරයක් ලැබුන කියන උඩ පනින ඇමතිලාට, හිඟා ගෙන ගෙනෙන සල්ලි ටිකෙනුත් තමන්ගේ දරු මුනුබුරු පරම්පරාවම ලෝකේ පුරා යවන අපේ මැති ඇමතිලාට ඔබ තුමා ආදර්ශයක් වේවා!

:       0       43

Chanak los angeles Monday, 17 June 2019 09:48 PM

දන් දීම උතුම් කුසලයක් නමුත් සීයේ ඔබ එයින් බලාපොරොත්තු වී තිබෙන්නේ තණ්හාවක් .. දන් දී කිසිවක් බලාපොරොත්තු නොවීම තුලින් කුසලය ඉබේම සැදෙනවා .

:       146       8

sisira Monday, 17 June 2019 10:56 PM

ඔබ හදවතින් මහා කරුණා ගුණයෙන් පිරි මහා ධන කුවේරයෙකි. මෙවන් ඉතාමත් දුර්ලභ ඝනයේ සත් පුරුෂ ගුණයෙන් පිරි ඔබට මාගේ නමස්කාරය වේවා !!!!!!!

:       0       24

Buddhika Tuesday, 18 June 2019 03:00 AM

මා දුටු උසස් අදහසක්, නියම ධනාත්මක බව ගැබ්ව තිබේ යැයි සිතමි, එම මහත්මයාගේ සත් ක්‍රියාව පමණක් නොව ඔබේ මෙම උතුම් අදහස දැක සතුටු වන්නට හැකි සිතක් තිබීම ගැන මම සතුටු වෙමි, ඔබට හා ඔබේ දෙමුපියන්ටත්, ගුරුවරුන්ටත්, ගුරුහරුකම් දෙන අයටත් යහපතක්ම වේවා! ඔබ සමට තෙරුවන් සරණයි!

:       1       89

p.d goonawardena Tuesday, 18 June 2019 03:12 AM

අද කාලේ ඔබ වැනි මහත්මා ගතිගුණ ඇති පුද්ගලයන් සොයා ගැනීමට අමාරු යුගයක ඔබ කල දේ හිස නමා ආචාර කරමි... මේවා අනිත් ලෝභ කම් වලින් මුලා වුවන්ට ආදර්ශයක් වේවා....

:       0       79

Aruna Tuesday, 18 June 2019 03:29 AM

කවුරු හරි ඉන්නවනම් මහා සංඝයාටත් දානයක් දෙනලෙස මේ මහත්තයව උනන්දු කරවන්න, බොහොම වටිනවා!

:       4       335

Anurudda karunathilaka. Tuesday, 18 June 2019 03:40 AM

මේ පියාගේ ප්‍රර්ථනා එලෙසම ඉටු වේවා කියලා ප්‍රර්ථනා කරමි.

:       0       33

Ananda Tuesday, 18 June 2019 04:19 AM

පාර්ලිමේන්තුවේ ඉන්න මහජන මුදලින් යැපෙන රටේ දේපොළ හොරාකන, ගසාකන දේශපාලුවන්ට වඩා මේ මනුස්සය කෙතරම් හොඳද.

:       0       44

JAYASEKARA Tuesday, 18 June 2019 04:27 AM

පියාණෙනි ඔබේ දානය මහත් පල මහානිසංසයි දානයේ මුල, මැද, අග යන ත්‍රිත්වයේ කුසල චේතනාව ප්‍රබලවේ.... එම නිසා දානය මහත්පලයි උපයාගෙන සකසාගෙන තුන්වේල කන්න බැරි තිරිසන් සතුන්ට දෙන දානය ඊටත් වඩා ආනිසන්සයි. ඔබගේ මතු බව ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා.... තුන්කල් යාත්‍රාවේ පහළවන පහළවුණු. භික්ෂා දානයක් දී තවත් කුසල පක්ෂය වැඩි කරගන්නට හැකි වේවා.... තෙරුවන් සරණයි....

:       0       30

de silva Tuesday, 18 June 2019 06:22 AM

ඔයාට වැඩිය හොඳ නැද්ද , මිනිස්සුන්ට කරදර නොකර තමන්ට ජිවත් වීමට පමණක් සෑහෙන පමණට මුදල් හිඟමන් ලෙස සොයාගෙන , ඉතිරි කාලය පින් අතේ වැඩකට යොදාගෙන ජිවත් වුනානම් ,

:       148       47

rishad Tuesday, 18 June 2019 07:42 AM

මුස්ලිම් මගේ උත්තමාචාරය.

:       0       2

thilini Tuesday, 18 June 2019 08:29 AM

සීයේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයාට ගොඩක් පින්

:       0       1

de silva berlin Tuesday, 18 June 2019 10:18 AM

මම දන්නවා මගේ මේ අදහස දැක්කම නිකන්ම ඉඳන් පිනට කන එක අනුමත කරන පුද්ගලයන් මට විරුද්ධව නිමක් නැතුව ඩිස්ලක් දමාවි, නමුත් අතපය හතර හොඳට තියාගෙන රක්ෂාවක් නොකර හිඟා කමින් අනුන්ට බරක් වෙමින් ජීවත්වීම අනුමත කරන්න බැහැ

:       0       26

උපාලි Tuesday, 18 June 2019 11:45 AM

කොහොමත් දන්සැල් දෙන්නෙ හිඟා කාලා වගේ ආධාර එකතු කරලා තමයි.

:       0       0

de silva berlin Thursday, 20 June 2019 09:06 AM

ලංකාවේ මේ ආර්ථික විනාශයට එක හේතුවක් මිනිස්සු මුකුත්ම නොකර නිකන් ඉඳන් පිනට කන්න පුරුදුවිම

:       0       27

de silva berlin Friday, 21 June 2019 09:04 AM

මිනිස්සු හිතන් ඉන්නේ වෙසක්, පොසොන්, ඇසල කියන්නේ පාරේ විනෝදෙට ඇවිදලා තොරණක් දෙකක් බලලා පිනට කොහේ හරි දන්සැලකින් මොනවා හරි දෙයක් කළ දවස ගතකරන එක කියලා, කීයෙන් කීදෙනාද සිල් සමාදන් වෙන්නේ? අඩුම තරමේ පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 2 0

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 18 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 445 2

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 634 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 562 2

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2976 4

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 324 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site