IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘සාගර කේන්ද්‍රස්ථානයක් වීමේදී ශක්තිමත් බාහිර සම්බන්ධතා වැදගත්’

(හර්ෂණ තුෂාර සිල්වා)

සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ඉලක්කය සපුරාගැනීමේදී බාහිර ලෝකය සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගැනීම ඉතා වැදගත් යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 

මාතර හක්මන ඉදි කරන ලද ඇමෙරිකානු පියස විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා එම කරුණු සඳහන් කළේය. 

විවිධ වැඩසටහන් සහ වැඩමුළු තුළින් ශ්‍රී ලාංකිකයන් සහ එක්සත් ජනපද ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම ‘ඇමෙරිකානු පියස’ මඟින් සිදු කෙරේ.

රුපියල් මිලියන 18ක වියදමින් ඉදි කරන ලද මාතර ‘ඇමෙරිකානු පියස’ වයි ෆයි තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සහ පුස්තකාලයකින් ද සමන්විතය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීය.

“මාතරදී ඇමෙරිකානු පියසක් ඉදි කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට ඇමෙරිකාවේ අධ්‍යාපනය, සාහිත්‍යය, සංස්කෘතිය ආදී බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා වෙනවා. මේ ඇමෙරිකානු පියස නිසා තරුණ ජනතාවට වගේම වැඩිහිටියන්ටත් ඇමෙරිකාව සමඟ සෘජු සබඳතා ඇති කරගන්න අවස්ථාව උදා වෙනවා. අද වනවිට මාතර නගරය ජාත්‍යතන්තර ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වී තිබෙනවා. 

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කාලයක් තිසේසේ ඇමෙරිකානු පියසක් මාතරට ගෙන එන්න උත්සාහ ගත්තා. ශ්‍රී ලංකාව සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. එම ක්‍රියාවලියේදී බාහිර ලෝකය සමඟ සබඳතා ඇති කරගැනීම ඉතා වැදගත්. එහිදි මාතර කියන්නේ ඉතාමත් වැදගත් නගරයක්. මාතරට ව්‍යාපාර, ව්‍යවසයාකත්වය, නවෝත්පාදනය සම්බන්ධයෙන් ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසයේ සිට මාතර වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස පැවැතුණා. අද වනවිට මාතර නගරය ජාත්‍යන්තර කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. 


මාතරදී ඇමෙරිකානු පියසක් ස්ථාපිත කිරීමෙන් ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට සුවිශේෂී අවස්ථාවක් හිමිව තිබෙනවා. මාතර කියන්නේ ඉතිහාසයේ සිටම ක්‍රියාකාරී වෙළෙඳ මධ්‍යස්ථානයක්. ලන්දේසි යුගයේ සිට ලෝකයට හොඳම කුරුඳු යැව්වේ මාතරින්. මේ ඇමෙරිකානු පියස විවෘත කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ඇමෙරිකාව සමඟ වෙළෙඳාම් කිරීමට, අපනයන යැවීමට සහ ආයෝජන ගෙන්වා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඇමෙරිකාව යනු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළයි.

වත්මන් ආණ්ඩුව ව්‍යාපාර, නවෝත්පාදන සහ ව්‍යවස්ථාව නංවන්න ව්යා පෘති සහ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු එවැනි වැඩසටහනක්. කෘෂිකර්මාන්තය, කුඩා හා මධ්ය  පරිමාණ හා තරුණ ව්‍යවසායකයන් නගා සිටුවීමට මුදල් වෙන් කර තිබෙනවා. ව්‍යාපාරික කාන්තාවන් සවිබල ගැන්වීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. සේවා ක්ෂේත්‍රය නගා සිටුවීමට මුදල් වෙන් කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සිටින ව්‍යාපාරිකයන් මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකයට දායකත්වය සපයනු ඇතැයි මම විශ්වාස කරනවා.

ගම්පෙරළිය වැඩසටහන තුළින් මාතර දිස්ත්‍රික්කයට පමණක් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර නගා සිටුවීම් සහ යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 2.1ක මුදලක් වෙන් කර තිබෙනවා. ගම්පෙරළිය ව්‍යාපාර තුළින් අපි ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින් ජන ජීවිතය ඉහළ නංවන්න වැඩ කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව සෑම විටම ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යනවා. අවුරුදු 48 කට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ලංකාවට පැමිණියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා 2015 වසරේදී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියා. ඔහු අපට දුන් දිනය හා වෙසක් දිනය යෙදී තිබුණේ එකම දිනයක. අවාසනාවකට එය සාර්ථක වුණේ නැහැ. ඒ අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණියා නම් එය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වීමට ඉඩ තිබුණා. ඇමෙරිකානු ජනාධිපතිවරයකු ඉදිරියේදී ශ්‍රී  ලංකාවට පැමිණෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, මූල්‍ය අනුග්‍රහ හා ප්‍රදාන ලබා දී තිබෙනවා. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව නැවත වරක් සිහිපත් කළ යුතුයි” යැයි අමාත්‍යවරයා කීවේය. 


එහිදි අදහස් දැක්වූ මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙත්තා විදානගමාච්චි මහතා මෙසේ කීය.

“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහි පැමිණීම ඉතාම සතුටට කරුණක්. මුදල් අමාත්‍යවරයා මෙවර අයවැය සැකසීමේදී කර්මාන්ත හා වාණිජ මණ්ඩල සවිබල ගැන්වීමට වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ශක්තිමත් කිරීමට අපට අවස්ථාව උදා වේවි. මොකද හැමෝටම වඩා හොඳට අපි දන්නවා ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය.

ඇමෙරිකානු පියසක් මාතරට ගෙන ඒම ඉතාම හොඳ දෙයක්. ඒ තුළින් අපේ තරුණ ව්‍යාපාරිකයන්ගේ තරුණ ව්‍යවසායකයන්ගේ කුසලතා ඉහළ නංවන්න අවස්ථාව උදා වෙනවා. ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව, මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම වැඩිදියුණු කරන්න අපේ ව්‍යාපාරිකයන්, දරුවන් තරුණ තරුණියන්ට අවස්ථා රැසක් උදා කර දෙන බව මට හොඳටම විශ්වාසයි”.


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීහු, මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීහු, රුහුණ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ආචාර්යවරු සහ සිසුහු, මාතර ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පැමිණි සිසු සිසුවියෝ මෙම අවස්ථාවට එක්වූහ. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

‘සාගර කේන්ද්‍රස්ථානයක් වීමේදී ශක්තිමත් බාහිර සම්බන්ධතා වැදගත්’

Bamunuarachchi Wednesday, 27 February 2019 06:46 AM

ඔව් ඔව් ලොකු උන්නැහේ බාහිර සම්බනදතා වැඩිකොරගන්න අපි යුද්ද අපරාද කළා කියලත් පිළිගන්න ඕනේ.

:       0       10

Bamunuarachchi Wednesday, 27 February 2019 10:36 PM

බෞද්ද සංස්කෘතිය ගැන දන්නා කෙනෙක් වෙන්න ඕනේ හාමුදුරුවන්ට ගැහැණු කෙනෙක් ලගින්ම ආසන පනවලා තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site