(අජන්ත කුමාර අගලකඩ)
රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නැගූ චෝදනා වලට පිළිතුරු නොදීමට එම ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ඉකුත් බ්‍රහස්පතින්දා (26) රාත්‍රියේ විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල නිවසේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරක් නොදීමට එහිදී ද තීරණය වූ බව දැනගන්නට ඇත.
රට නොවසන බවට කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබියදී ,රට වහන්නැයි ඉල්ලා ඇමතිවරුන් තිදෙනකු ගේ අත්සනින් ජනාධිපතිවරයාට ලිපියක් කැවීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සැක සිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉකුත් සතියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මන්ත්‍රීවරයාය එම ධුරයෙන් ඉවත් කර ඇත.
COMMENTS
මොනවා නියන්නද? දෙනදෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්නවා හැර... 20 සංශෝධනේට අත ඉස්සුවනේ. දැන් කට ඇරියොත් පයින් ගහලා ඔය 3 දෙනා එළියට ඇදලා දාන්නේ... ඒ හින්දා රට කාපු එවුනේ ඔය කටවල් 3 වහගෙන හිටපල්ලා.
මේ වෙලාවේ සාගර ගැන කියන්න සුදුසුම තැනැත්තා ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. ඒ අනුව ඕනෑම ගොනෙකුට ලියුම් ලිවීමට හැකිය. අනික් අය ගොන්නුන්ට අකුරු කියවන්න බැරි නිසා ඔන්ගේ ලියුම්වලට පිළිතුරු ලියමින් කාලය නාස්ති කළ යුතු නැත.
රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද? මේ පොහොට්ටු හොට්ටෝ ටික හැමදාම බොරු කතා දදා කාලය කනවා. ඕවට මාධ්‍ය වල කාලය වැය කිරීමත් නිෂ්පල ක්‍රියාවක්.
ඉතා නිවැරදි තීරණයක්, ඕන ගොනෙකුට පුළුවන් ලියුම් ලියන්න. බල්ලො බිරුවට කඳු නම් හෙළවෙන්නේ නැහැ.
20ට අත ඉස්සුවනේ... දැන් ඔහොම හිටපල්ලා... සාගර, නුඹලාට බැනලා ලියුම් එව්වට දැන් කරන්න දෙයක් නෑ.. බොලා වාගේ ජාතිවාදය වපුරවමින්, බොරු කියමින් රට විනාශ කරපු මිනිස්සුන්ට ඔහොම වෙන්න ඕනෑ...
උත්තර දෙන්ට ගියෝත් පස්චාත් භාගයට පා පහර දෙකක් දී දොට්ට යන්න වෙන වග පැහැදිලිව දන්නවා නේ.
බොරුවට ජනතා මනස වෙන අතකට යොමුකරන්න නාට්ටි රඟපානවා. අවුරුදු 2ක් පාසල් වහලා. මේවා තේරෙන්නේ නැහැ. ළමයි ගෙවල්වල පිස්සු නටනවා. දෙමව්පියන්ට කරන්න දෙයක් නැතිව අසරණ වෙලා. කෝ මේවාට විසඳුම්..?
දැන් මේ තුන්දෙනාටම වෙලා තියන්නේ ගොළුවා කසායම් බීපුවා වගේ. 2019 ජනාධිපතිවරණයට පෙර වාසුදේව පුන පුනා කිව්වා ගෝඨාට සහයෝගය දෙන්න බැහැ කියලා. අවසානයේ සහයෝගය දුන්නා. 20 වැනි සංශෝධනයටත් මේ තුන්දෙනාම ඔහොම තමයි කිව්වේ.. සහයෝගය දෙන්න බැහැ කියලා. පසුව සහයෝගය දීලා උඩින් සම්මත කරලා දුන්නා. මේ තුන්දෙනාට මේ පක්ෂය හැර වෙන දේශපාලන අනාගතයක් නැහැ. හරියට කරපිංචා වගේ...
මේ තුන්දෙනාම නැට්ටුවෝ... මේ අයට පොහොට්ටුව දාලා ගියොත් යනඑන මං නෑ. ඒකනිසා බොරු රංගනයක් රඟදක්වනවා.
බියගුළු කාඩ්බෝඩ් චන්ඩියෝ
කිසිවෙකුගේ අදහස් ඇසීමට අපට අවශ්‍ය නැත, ඔබ ආවේ රට සංවර්ධනය කිරීමට ය. එසේ කර එය මිනිසුන්ට පෙන්වන්න.
කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල කියල තියෙන්නේ නිකන් නොවෙයිනේ.