ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් ඇතැම් කරුණු සංශෝධනය කළ යුත-ු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිංගප්පූරු සංචාරය අතර-තුරදී එරට අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුන්ග් හමුවෙමින් පැවැසීය.
ඒ අනුව අදාළ කමිටුව පත් කරන බවත් එම කමිටුව සංශෝධනය විය යුතු ක්ෂේත්‍ර මොනවාදැයි අධ්‍යයනය කරනු ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කීය. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව ද හෙතෙම කීය.
ඉහත කී නව කමිටුවේ සොයාගැනීම් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තිබෙන ඒකාබද්ධ කමිටුවට යොමු කරන බවත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය.
දෙරටේ අන්‍යෝන්‍ය එකඟතාව ඇතිව ගිවිසුමේ අන්තර්ගත කොටස් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන බව ද අමාත්‍යවරයා කීය. අප්‍රේල් මාසය වනවිට සංශෝධන කළ හැකි බව ද හෙතෙම පැවැසීය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ පසුගිය වසරේදීය.
ඬේලිමිරර් ඇසුරිනි
055
COMMENTS
කුකුල්ලුන්ට නරියෝ බාරදුන්න වගේ තියේවි නේද..මෙයත් හොද අඩව් ගොයියනේ හතරට ගැන ගන්න බැරිව වගේ හිටියට..
මේ ගිවිසුම සම්පුර්ණයෙන්ම මතබෙදයකට තුඩුදී ඇතිබව කවුරුත් දන්නා කරුණක්.ඒ වගේම මේ ගිවිසුම පිටුපස ඇති හස්තය මලික් සමරවික්‍රම බවත් ප්‍රසිද්ධ රහසකි.ජනාධිපතිතුමා පත්කළ කොමිසම තම වාර්තාව ජනාධිපති වෙත බාරදීත් අවසන්. මේක හොරුන්ගෙන් පේන අහනවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. රටේ විද්වතුන් බොහෝ දෙනෙක් මෙම ගිවිසුමේ සමහර වගන්තිවලට විරෝධතාවය පලකරන විටදීත් , මේ මලික් සමරවික්රමටම මේ ප්‍රශ්නය ගැන හොයන්න කමිටුවක් පත්කරන්න බලය දුන්නේ කවුද...? මේ ප්‍රශ්නයේ පමණක් නොව දුෂිත බැඳුම්කර ගනු දෙනුවෙත් මේ ඇමතිගේ නම ගෑවිලා ඇතිබව රජයේ ලොකු ලොක්කන් නොදන්නවා වෙන්න බැහැ. ජිවිතයේ පළමු වෙනි වතාවට ඇමතිකමක් ලැබුන මොහු හිතෙන හිතෙන ගිවිසුම් අත්සන් කරමින් මේ පැටලුම තවත් ගැටලුකාරී තත්වයකට ගෙනයාවි කියලයි මටනම් හිතෙන්නේ..ඒ විතරක් නොවෙයි මහජන චන්දෙකින් පත්වුන කෙනෙකුත් නොවෙයි නිකම්ම නිකම් " පින් " ඇමතියෙක්. මේ ගිවිසුම ජනාධිපතිතුමා මුලිකවී එතුමා පත්කරන විද්වත් කමිටුවකින් ඇගයීමක් සිදුකොට , නැවතවරක් සංශෝධනය කර රටට උචිත ආකාරයට සකස් කොට ක්‍රියාවට නැංවිය යුතුයි කියලයි මගේ අදහස. අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැත.
ගිවිසුමත් අවුල්. දාන කොමිසමුත් අවුල්. රටට වෙන විපත් අනන්තයි.
අත්සන් කරන්න ඉස්සෙල්ලා කරන්න ඔන ඒවා වැය ශීර්ෂය අනිවා පරදින නිසා බයට කරන ඒවා මේ. ආන්ඩුවක් විනාශ කරන්න මේ වගේ චන්ද පදනමක් නැති ලෙඩ්ඩු එකෙක් හිටියත් ඇති.
ඉස්සෙල්ලා මෙයා හිරේ දාන්නා ඕනේ. වංචා, කපටිකම් තමයි කළේ... රටම විනාශයි..
එහෙම අවුල් තියෙනවාද?
මේ ඇමතිගේ මුහුණ බලන්න....මිනිහා හීනෙන් බයවෙලා වගේ. කරන වැඩවලට කුඩුවට යන්න වුනොත්...අනේ මේ වල පයයි ගොඩ පයයි තියාගෙන මොන සිංගප්පුර් ගිවිසුමද...යන තැනකට වැඩක් කරගන්න.