
ලෝ ප්‍රකට සංගීතවේයකු වූ කෙනී රොජර්ස් මහතා සිකුරාදා පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ප්‍රකාශ කළහ.
මිය යනවිට ඔහු 81 වැනි වියේ පසු වූ අතර එය ස්වාභාවික මරණයක් යැයි ද පවුලේ සාමාජිකයෝ සඳහන් කළහ.
"රොජර්ස් සාමකාමීව අවසන් ගමන් ගියා. සුව සේවකයන් මෙන්ම පවුලේ සාමාජිකයන් ඒ අවස්ථාවේදී ඔහු සමඟ සිටියා" රොජර්ස් පවුල නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් පෞද්ගලික මට්ටමින් කුඩා අවමංගල්‍යය උත්සවයක් පවත්වන බවද රොජර්ස් පවුලේ සාමාජිකයෝ කීහ.
දශක හයක් මුළුල්ලේ සංගීත ලොව මිලියන ගණනක් රසික ප්‍රජාව පිනවූ රොජර්ස් තෙවතාවක් සුප්‍රසිද්ධ ග්‍රැමී සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
"ද ගැම්බලර්", "ලුසිල්" සහ "අයිලන්ඩ්ස් ඉන් ද ස්ට්‍රීම්" ඔහුගේ සුප්‍රකට ගීත ලෙස සැලකේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාහි උපත ලැබූ රොජර්ස් 1950 දශකයේ අගභාගයේදී සිය සංගීත වෘත්තීය ඇරැඹීය. ඉන්පසු හෙතෙම සෑම ආරකම ගීත ගායනා කළේය.
අවස්ථා 24දී සිය ගීත , ගීත ලැයිස්තුවල අංක එකේ ගීතය බවට පත් කරගැනීමට සමත්වූ රොජර්ස් අවස්ථා හයකදී "කන්ට්‍රි මියුසික් අවෝර්ඩ්ස්" හෙවත් සී.එම්.ඒ. සම්මාන දිනාගැනීමට සමත්විය.
හෙතෙම ඇමෙරිකාවේ "කන්ට්‍රි මියුසික් " කීර්තිධරයන්ගේ නාමාවලියේ සාමාජිකයෙකි.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගීතවේදී කෙනී රොජර්ස් සමුගනී