(තුසිත කුමාර ද සිල්වා)

සෞඛ්‍යය නීති උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් රැගෙන ගිය බස්රථ නමයක් ප්‍රවාහන අධිකාරිය කළ වැටලීමේදී අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යන මගින් ගෙ අවශ්‍යතාවයන් සඳහා අද කළුතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ආවරණ වන පරිදි බස්රථ 748ක් ධාවනයට යොදවා තිබිණි.

කළුතරින් 179ක්, ගම්පහින් 217ක් සහ කොළඹින් 352 ලෙස ධාවනයට එක්කර අතර බස්රථ 114ක් වැටලීම් කර සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ බස්රථ නමයක් ගම්පහ හා කොළඹින් අත්අඩංගුවට ගත් බව සභාපතිවරයා කීහ

පළමු දිනයේම අත්අඩංගුවට ගත් බස්රථ සඳහා ප්‍රවාහන අධිකාරිය මගින් දඩ නිකුත් කරන අතර දැඩි ලෙස අවවාද කරන බවත් කීහ.

මේ අතර හෙට දින සිට මෙම වැරැද්ද තවදුරටත් සිදුකරන බස්රථ අසූ වූවහොත් ඔවුන්ට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මෙන්ම නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් එම වරදම දිගින් දිගටම සිදුකර අසු වුවහොත් එම බස් රථවල මාර්ග බලපත්‍රය අත්හිටුවීමට සිදුවෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළහ.